(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ආබාධ සහිත දරුවන් සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන් වෙත ලබා නොදී තම පුද්ගලික පරිහරණයට යොදා ගත් හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා වරද මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වු ජාතික මහලේකම් කාර්යාලය මගින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන එකී මුදල් සැකකාර සමාජ සේවා නිලධාරියා විසින් ලබාගෙන ඉතා සූක්ෂම ලෙස ඔහුගේ පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd