(පී.එම්. රාජපක්ෂ සහ ෂේන් සෙනවිරත්න)
මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිදු කෙරිණි.
ආදිවාසී නායක ඇතුළු පිරිස ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ මීපැණි පූජාවට සහභාගි වීමට නියමිතව සිටින හෙයින් ආදිවාසී නායකයා ඇතුළු පිරිසට එන්නත් ලබා දී ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ සයිනෝෆාම් එන්නත මේ අයුරින් ලබා දී ඇතැයි වාර්තා වෙය්.
මෙම අවස්ථාව සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තුළ පිරිසක් සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පලුල් මනසක් තියෙන මනුස්සයෙක් තමයි මේ. රටට බොහෙම ආදරේ. ආදී වාසී පරපුරේ වුණාට යාවත්කාලීන වෙන කෙනෙක්