(යොහාන් භාසුර)
මෙරට ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට සංචාරය කරන බවත් අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් සැළකිල්ලට ලක් නොවන පිරිසක් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
භාෂාවෙන් හෝ සිරිත් විරිත්වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බව කී අමාත්‍යවරයා මතු වී ඇති ගැටළු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩ කළයුතු බව ද සදඟන් කළේය.
අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යෑමට විශේෂ වැඩසටහනක් සකස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
දඹාන, කොටබකිණිය ගම්මානයේදී ලෝක ආදිවාසී දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ !! ඕන් කස්ටියගෙ නෙත් අරිලා. ආදිවාසි සංසකෘතිය හා බැදුණු ක්‍රමවෙදයන් ටිකක් හෝ අනුගමනය කලානම් වන විනාශය හා තිරසාර වර් ධනව මිටවඩා ඉහලින් පවත්වාගෙන යන්න තිබුනා නේද? හැබැයි ඉතින් සන්වර්ඩනය මුවාවෙන් ගසාකන්නවුන්ටනම් තමයි ප්‍රශ්න මතුවෙන්නෙ.
අපි ආදී වාසීන්ගේ භාෂාව ජාතික භාෂාවක් කළ යුතුය.., ඔවුන්ගේ කටයුතු එම භාෂාවෙන්ම කිරීමට ඉඩ සැලසිය යුතුයි...
කැස්බෑවේ පොදු වැසිකිලිය හදාපන් ඔය රවුම් ගහන්න වියදම් වෙන සල්ලි වලින්.