
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ පිහිටි නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකර නීති මගින් කටයුතු කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි බව පවසා ඒ සම්බන්ධව තාක්ෂණික නිලධාරියාටද නීති මගින් කටයුතු නොකර සිටීමට හා කඩා ඉවත් නොකිරීමට රුපියල් 350,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම මුදල පසුව රුපියල් 100,000/= දක්වා අඩුකර නැවත එම මුදල රුපියල් 60000/= දක්වා අඩුකර පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට දී එකී මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම විමර්ශන කොමිසමේ නිලධාරීන් කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ආදායම් පරීක්ෂකවරු දෙදෙනා කිලිනොච්චිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
ඔයවගේ දේවල් සෑම රාජ්‍ය ආයතනයකම සිදුවෙනවා. නමුත් මිනිසුන් ඔයවැනි නීති ක්‍රියාත්මක කිරීමට අකමැති එම පුද්ගලයින්ට හෝ ආයතනයට එම ආයතනවලින් තවත් සේවාවන් ලබාගැනීමට නොහැකිතත්වයකට පත්වීම සහ අධිකරණවලට ඉදිරිපත්වීමට ඇති අකමැත්තයි.
මීගමුව රෝහලේ ඉන්න පොලිසියේ අයත් සල්ලි ඉල්ලනවා කන්න . එයාලටත් හොඳ විසඳුමක් දෙන්න