(ප්‍රදීප් කුමාර)

උතුරු පළාතේ සංචාරක ක්‌ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් මන්නාරමේ සිට රාම සේතු පාලම හෙවත් ආදම්ගේ පාලම ප්‍රදේශයේ පිහිටි වැලිපර අට සංචාරකයන්ට නැරබීම සදහා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව තලෙයිමන්නාරම සිට මෙම බෝට්ටු සේවාව ආරම්භ කරනු ලබන අතර මෙහි අත්හදා බැලීමේ සංචාරයක් පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාර වාරයගේ මුලිකත්වයෙන් සිදු කරණ ලදි.

ඒ අනුව මෙහි සංචාරය සදහා සංචාරකයන්ට ඉකුත් (28) දා සිට අවස්ථාව හිමිව තිබේ.

මෙම වැලි පර හා ස්වභාව සුන්දරත්වය නැරබීමට මේ තුළින් සංචාරකයින්ට අවස්ථාව හිමි වන අතර බෝට්ටු නැවැත්වීම ආදිය සිදු කරනු ලබන ස්ථාන පිළිබද අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කොට මෙහිදී තීරණය කෙරුණු අතර මේ තුලින් ප්‍රදේශයට සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම අපේක්ෂාව වී තිබේ.

තවද සංචාරක ක්ෂේත්‍රය හරහා ප්‍රදේශයේ ජනතාවට නව අදායම් මාර්ග උත්පදානය කිරීමට හැකි වනු ඇති බවද මෙම ව්‍යපෘතිය ආරම්භ කරමින් අදාළ රාජ්‍ය නිලධාරීන් සදහන් කරන ලදි.