(අංජුල මහික වීරරත්න සහ බන්දු තඹවිට)
ජනාධිපතිධූරයට නොව සක්විත රජකමටත් තම ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මතුගමදී අද (25) පැවැසීය.
ලංකා ඉතිහාසයේ කිසිම කොන්දේසියකට යටත් නොවී රට ගොඩනගන්නට ඉදිරිපත්වන එකම අපේක්ෂකයා තමා බව කී අමාත්‍යවරයා කුමන කෙනෙහිලිකම් කළත් රට ගොඩනගන ගමන නතර කිරීමට කිසිම ජගතෙකුට මෙවර හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය.
‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය අමතමින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට වැසි සහිත කාලගුණයද නොතකා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
ගංවතුර නිසා අපේ රටේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.ඒ ජනතාව වෙනුවෙන් ශක්තිය දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න රජය සැදීපැහැදී සිටිනවා.
(ඡායාරූප- ලහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය නියතයි...!!!
ගෙවල් ඔක්කොම ගංවතුරින් යටවෙලා. බයිලා තමයි.
නැගෙනහිර පළාතේ පොලිසියේ යටත් වෙන්න කිව්වේ ඉන්දියන් ජනාධිපති වෙන්න ඇති තාත්ත ලොක්ක වෙලා ඉන්න වකවානුවේ... එතකොට තාත්ත මැද කොළඹ හිවලුන්ගේ ඡන්ද බලාගෙන නියෝජිත ප්‍රතිශතය වෙනස් කරලා පාවාදුන්නේ මහා බ්‍රිතාන්‍ය වෙන්න ඇති... මේ කොහෙන්ද කතා කරන්නේ මාතෘ භූමිය පාවාදෙන්න හැකි... එ්කට දායක වෙලා ඉවරයි ... දැන් නිකන් බබා දාන්න එපා...
ඔය ඔක්කොම බයිලා එක සිී.ඩි. එකකට නම් ගහන්න බැරි වෙයි.
රට ජාතිය කෙසේ වෙතත් ආත්ම ගෞරවය නම් පාවලා දෙයි ආර්යාව. දැනටමත් බාගෙට කාල තියෙන්නේ. දිනුවොත් බලමුකෝ.අපට රූපවාහිනියෙන් සින්දු අහන්න වෙන්නේ නැතිද කියලා?
ආත්ම ගරුත්වය කියන්නේ දේශපාලන නායකයෝ ළඟ නැති දෙයක්. මේ ආත්ම ගරුත්වය ගැන කිව්ව දේ කට වචනයට සීමා නොවෙයි කියලා හිතනවා මොකද ආත්ම ගරුත්වයක් නැති මිනිහෙක්ට කවදාවත් රටක් හදන්න බෑ.
ජය වේවා !
අම්මද බොල, එකා යකා වෙලානේ?
මේ මහත්මයාගේ කතාවට සිනවෙනවා මිස වෙන මොනවා කරන්නද. මල් වවන කලේ කලදේ අපට අමතක වෙලා කියා සිතන්න ඇති. එකක් කියන්න ඕනෙ ගල්ගමුව ළඟ තිබෙන ඔය ගොල්ලන්ගේ වත්තට විදුලි ලබාගත් ක්‍රමයෙන් රටටම යහපතක් සිදුවුනවග.
ආත්ම ඝව්රවය පාවා දුන්නත් නොදුන්නත් කිසි අවුලක් නැහැ . මාතෘ භුමිය පාවා දුන්නොත් තමයි අවුල .අනේ මේ වගේ 2.50 හේ කතා දමන කෙනෙක්ද අනේ ජනපති කරවන්න කියමින් රට වටේ දුවන්නේ ?
බොරුවට කෑ ගැසීමෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. කරලා පෙන්නන්න. මේ දක්වා නම් වැඩකට ඇති දෙයක් වෙලා නැහැ.
වටේම අතට රනිල් දඬුවම් කරන කොට ඇමති කටුවක් සුප්පු කරන් හිටපු කෙනා තමයි මෙහෙම කියන්නේ
තමන්ගේ දිස්ත්‍රික්කයේ සම්පත් ටික විකුනන්න උඩගෙඩි දීපූ බදියුදීන්ලා බේරගන්න අත් උස්සපු මේ තරම් රට විනාස කරපු ආන්ඩුවක නියෝජ්‍ය නායකයා දැන් බයිලා ගහනවා.ඕවා හොදයි හරක්ට. චන්දෙ දෙන්න තරම් බහුතරයක් මිනිස්සු මෝඩ නෑ
අනේ එහෙම කියන්න එපා! රනිල් ට පවු!
මෙචරකල් කට වහගෙන ඉඳල දැන් බොරු ගහනවා
හොදායි ඉස්ස ඉස්සෙල්ලාම බලමු චරිත සහතික නිකුත් කරපු කට්ටිය ගැන. එක්කෙනෙක් ගෙදරින් ගෙන බත්පත කාලා හත් පොලේම ගාගන්න කෙනෙක්. අනික් කෙනා ගැන දුෂිත යයි කියන කෙනෙක්. අනිත් එක්කෙනා පවා දෙන්නෙක්. තව කෙනෙක් පරම්පරානු ගත හොරෙක්. ............ යන ආදී වශයෙන්............ ඉතින් කුමන කතා.
මේ වගේ අයට ඡන්දය දෙන්නේ පිස්සෝ. ඒ වගේම මෙයාව වටකරගෙන ඉන්නේ හොඳ පිරිසක් නෙවේ.
බැංකුව කඩනකොට ඔබතුම කොහෙද හිටියේ ?
මහත්වරුනේ එතකොට බලන්ගොඩ පැත්තේ බුදුපිළිම කඩලා ඒවායේ මැණික් ගත්ත එකා හරිද? රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලුවම වෙඩි තියපු එකා හරිද? ඒ ඔක්කොටම වඩා ලෝකයේ පළවෙනි වරට ආරක්ෂක ලේකම් වරයෙක් යුද්ධ හමුදා මුලස්ථානය සහ හමුදා රෝහල් භූමිය චීනෙට විකුණලා සල්ලි සාක්කුවේ දාගත්ත එකා හරිද?
ප්රජාතන්ත්රවාදය යනු හිස පහත්කොට හිස එසවීම ලෙසයි හදුන්වන්නේ. මන්ද මිනිසුන් වන කවුරුත් ආත්මාර්ථකාමී මෙන්ම දුර්වලකම් හා වටිනා කම් ඇතියවුන් නිසා බහුතර මතයන්ට ගරු කරමින් ඒ මත ගැටුමට පිවිසෙමින් තම මතය පමණක් දිනවන්න නොහිතා හරි මතයට හිස නවා හරි දෙය කිරීම තුලින් යහපත උදාකරගන්නා නිසයි. ප්රජාතන්ත්රවාදී පාලනයක නීති සම්පාදනය ඇතුළු සියලු කටයුතු විවිධ මතධාරී පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සුහද මත ගැටුමේ ඵලයක් වී ස්වාධින රාජ්‍ය යාන්ත්‍රණයක් නොහොත් ස්වාධින කොමිෂන් මගින් ඒ ඵලය ක්‍රියාවට නැගීමයි. තනි පුද්ගලයෙකු සතු විධායක බලයක් නොමැතිවන පාර්ලිමේන්තුවෙහි බලතල බෙදුණු ව්‍යවස්ථාවකි. එ් නිසා ප්රජාතන්ත්රවාදීයෙකුට සජිත් වගේ තම මතය ඉස්මතුකර විධාන දිය නොහැක. ඒ ඒකාධිපතියෙකුගේ ස්වරූපයයි. රනිල් පුර්ණ ප්රජාතන්ත්රවාදී නායකයෙකුගේ ලක්ෂණ ඇත්තෙකි. ප්රජාතන්ත්ර පාලනයක බහු ජන හිත සුව පිණිස සාමුහිකව විවිධ වගකීම් දරන පිරිස බවට දේශපාලනය කරන සජිත්ලා වගේ අය පත්වෙනවා මිස සජිත් යුගයක් හෝ වෙන කාගේවත් යුගයක් බිහි නොවේ.
දැන් එතකොට ආපහු ජපන් රටට මල් යවන්න ශ්‍රී ලන්කන් ප්ලේන් අරිනවාද? මතකද තාත්තගේ කාලේදී ඔබේ මස්සිනාගේ මල් ව්‍යාපාරය නගන්න ඕනා නිසා මහා සෙනගක් ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට එවූ ශ්‍රී ලන්කන් ගුවන් යානා නවත්වලා ජපානේ කොහේදෝ නගරෙකට අලුත් රූට් එකක් දාපු හැටි. අපි එතකොට ශ්‍රී ලන්කන් වැඩ කරේ නිසා දන්නවා ඒ වගේම ඒ වැඩ තාම මතකයි. ඒ වැඩේ නිසා යුරෝපයේ සිට ලංකාව හරහා සිඩ්නි සහ මෙල්බර්න් වලට තිබුන ඩිරෙක්ට් රූට් නැතිවෙලා රටට ආදායමත් නැතිවුනා.
ජනතාවට මේ විදිහට කතාකරනවා කියල සාකච්ඡාවේදී එකඟ වෙන්න ඇති.
අවුලකින් තොරව විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීමට ගෝඨාභය වඩාත් සුදුසුය. මන්ද මහින්ද ඒකාන්තයෙන් එය කර විධායක අගමැති වන නිසාය. නමුත් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවට බලය පැවරීම යනු අගමැතිට පමණක් විධායක බලය පැවරීම නොවන අතර සියලු නියෝජිතයින් අතර බලය බෙදීයන සාමුහික වගකීමෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බල ගැන්වීමයි. මහින්ද එසේ කිරීමට නොදන්නා බැවින් පෙර ජනපති වී ඒකාධිපතියෙකු වී කළ අයුරුම අගමැතිවී කරනු නියතය. සජිත් විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ඒකාධිපති වියරුවක් සිදු කරන බව පැහැදිලිය.වත්මන් ජනපතිගෙන් ගත හැකිවූ බලය අගමැති හා කතානායක අතර බෙදා ස්වධින කොමිෂන් වලින් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිකර ඇති රනිල් ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේද නියෝජිතයෙකු නිසා රනිල් අගමැතිවී පාර්ලිමේන්තුවේ අවශ්‍ය බලය ලැබුනොත් නම් විධායක ජනපති ක්‍රමය අහෝසිවී ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාව නිර්මාණය වී පාර්ලිමේන්තුවට වගකියන අවශ්‍ය සාධකයක් බවට ජනපති පත්වී ස්වාධින රාජ්‍ය යාන්ත්‍රණය මගින් ප්‍රජාතන්ත්‍රවාදිව රට පාලනය කිරීමට හැකිවනු ඇත. රනිල්ව ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේද අවධානයට ලක්වේ.
මාතෘ භූමිය පාවලා දීම විතරක් නෙවෙයි, ජාතිය, ආගම පාවලා දෙන්නේ නැත කියන සහතිකෙත් දෙන්න. ඔබේ ලොකුම සගයෙක් කිව්වේ ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. ඔබ ටීඑන්ඒ එක්ක ගිය සුමානේ සාකච්ඡා කරලා මොකද වුනේ?
වැඩිය සෙනග නෑ නේද?
දැනටමත් කරන්නෙම පාවාදෙන එක. එත් කියන්නෙම නැහැ කියලා. අපිට නම් හොරෙක් මිනීමරුවෙක් නොවන දේශීය උපාධිධාරියෙක් වන අනුර කුමාර හොඳයි.
ඔබගේ කතාවෙන් පෙනෙන්නේ මාතෘ භූමියට එසේ කරන අය ඔබලා අතරම ඉන්න බවයි. ඔබ ජනපති වන්නේ විධායක බලතල ඇති ලෙස නොවේ. අනෙකුත් දේශපාලකයන් හා නැවත අගමැති වෙන රනිල් වික්‍රමසිංහ කරන දේවල් නවත්වන්න ඔබට බලයක් නැහැ. මේවාට රැවටෙන පාක්ෂිකයන් ඕන හැටිය ඉන්නවා. පාක්ෂිකයන්ට ඕනේ වෙන දේවල්. පාක්ෂිකයන්ට රටක්, ජාතියක්, ආගමක්, ඕනේ නැහැ . අපි හම්බ කරලා අපි කෑවම ඇති කියන කොටසක් තමයි මේ පක්ෂේ ඉන්නේ.
සජිත්ට මේ වෙලාවේ කරන්න තියෙන්නේ සියලු දෙනා සමග සහයෝගයෙන් මේ සටන ජය ගන්නයි. කට ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියලා මට උපදෙසක් දෙන්න හිතුනා.
සජිත් මහත්තයෝ ඔබතුමාට දිනන්න නම් රනිල් ,අකිල,රවී ,සම්බන්දන් ,කිරිඇල්ල ,වගේ අයගෙනුත් උපරිමයේ සහය උවමනා බව හොදින් සිහියට ගන්න.හොදට හිතලා කතා කරන්න. මෙය ඔවදනක්.
මාළුවා නහින්නේ කට නිසා බව මතක් කරන්න කැමතියි.
බලාගෙන සුදු වෑන් එකෙන් පළමුව යන්න ලෑස්ති වෙන්න.
එහෙනම් මොන බම්බුවකටද කියන්නේ බලය බෙදනවා කියලා? බලය බෙදුවාම එය නවතින්නේ කොතැනින්ද? රටත් බෙදිලානේද ගොයියෝ... උතුර දෙමලාට ගිහිල්ලා නැගෙනහිර හම්බයින්ට දුන්නාම සිංහලයාට ඉතිරිවෙන්නේ මොකක්ද? කිසිම බුද්ධිමත් මිනිහෙක් ඡන්දයක් දෙන්නේ නැත. ඔබට ඡන්දය දිය යුතු හේතුවක් මම දකින්නේ නැත. ඔබට ඡන්දය දිය යුත්තේ අැයි කියා හේතු කියන්න ඉදිරිපත් වෙන කෙනෙකුද නැත...