(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වර්තමානයේ උද්ගත වී ඇති නොයෙකුත් ප්‍රශ්න හමුවේ ආතතියට පත් ව සිටින බව කියමින් තවදුරටත් ගුරු වෘත්තියේ යෙදීමට හැකියාවක් නැතියි හලාවත අධ්‍යාපන කොට්ඨාසය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු සේවය අතහැර යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
මෙයින් එක් ගුරුවරියක් ඉල්ලා අස්වීමේ ලිපිය අදාල විදුහලේ විදුහල්පතිවරයාට ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් ගුරුවරිය ගේ සේවය අත්හිටුවා ඇතැයි ද එම විදුහලෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
අනෙක් ගුරුවරිය ඉල්ලා අස්වෙන බව විදුහල්පතිවරයාට පවසා එම ඉල්ලා අස්වීමේ ලිපිය ලබන පාසල් වාරය ආරම්භ වීමෙන් පසු බාර දෙන බව දැනුම් දීමක් කර ඇතැයිද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් මිස රැකියාවට කැමැත්නේ නොවේ.
ලංකාවේ මොන රැකියාවද ආතතිය නැත්තේ. දේශපාකයන්ට හැර.
ඉල්ලා අස්වෙනවා කියලා ලිපියක් දුන්නොත් කරන්න තියෙන්නෙ සේවය අත්හිටුවීම නොවෙයි එහෙම වුනාම සිදුවන පාඩු හා ඇතිවන බලපෑම් ගැන දැනුවත් කිරීමයි. ඉන් පස්සෙ මාසයක් කල්දී නැත්නම් මාසික වැටුපට සමාන මුදලක් ගෙවීමට දැන්වීමයි.ඒවා නොකර සේවය අතහිටුවලා හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ මෙයට අදාල පාසැලේ විදුහල්පතිගේ කුමක් හෝ අනිසි බලපෑමක් තියෙනවාමයි කියලා. එහෙම නම් සේවය නතර කිරීම තවත් බරපතළ වැඩක් කියන්න පුළුවන් විමර්ශනයක් කලයුතුය.
මේ තත්ත්වය රට පුරාම තිබෙනවා . වර්තමානයේ රටේ පවතින තත්ත්වය විතරක්ම නෙවෙයි . බොහෝ පාසල්වල විදුහල්පති වරු පාසල් කලමණාකරනය පැත්තෙන් ඉතාමත් දුර්වලයි . ජාතික පාසල් වල තත්ත්වය ඉතා බරපතල යි. විවෘත තරග විභාගයෙන් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගත් අයගෙන් 95% විතර අකාර්යක්ෂම යි. ඔවුන් පාසල් සහ අධ්‍යාපන කාර්යාලවල දුර්වල පාලනයක් ගෙන යාමේ ප්‍රතිඵලය ආයතනවල කාර්ය මණ්ඩලය ආතතියකට පත් වීම යි. ඒ නිසා මේවායේ පරිපාලනයට ගුරු සේවයේ යෙදෙන අයගෙන් ම විභාග පවත්වා තෝරා ගන්න . ඔවුන්ට අධ්‍යාපන ක්ෂෙත්රය ගැන අවබෝධයක් තිබෙනවා . විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිත් විභාග පාස් වුනාට ඔවුන්ට අධ්‍යාපන ක්ෂෙත්රය ගැන අවබෝධයක් නැති තරම් .
මෙවැනි දේවල් රාජකාරි අනුව හා පුද්ගලික හේතු මත වෙනවා පුළුවන්. නිදර්ශනයකින් කියන්නෙ කාලෙකට පෙර අතිදුෂ්කර පාසැලක වෙනත් පැළාතකින් පැමිණි තරුණ අවිවාහක ගුරුවරියක් හිටියා. විදුහල්පති අවිවාහක අධික දුම්පානය කරන ඉතාමත් අපිරිසිදු පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයා අර අහිංසක තරුණිට විවිධ බලපෑම් කලා. අන්තිමේ කරන්න දෙයක් නැතුව දෙදෙනා විවාහ වුනා විවාහය සාර්ථක නැහැ .මේ සිද්ධිත් එහෙමද කියන්න බැහැ. එහෙම නැත්නම් කුඩා දරුවො සිටින අම්මලා වෙන්න පුළුවන්. ඒකටත් උදාහරණයක්. සබරගමුවේ පාසැලක කොළඹ පදිංචි කුඩා දරුවෙක් සිටින ගුරුවරියක් හිටියා මාරුවක් ගැනීමට දේශපාලන බලවතෙක් කොතෙක් ඉල්ලීම් කලත් ඉඩක් දුන්නෙ නැහැ. ඒත් එම දේශපාලුවො රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචි කොළඹ පාසැලක සේවය කරන තරුණ ගුරුවරයෙක්ට කොළඹට ක්ෂනිකව මාරුව හදල දුන්නා. එහෙම එකක්ද කියන්න බැහැ. තවත් එකක් තමයි කළාපයේ සමහරක් අධ්‍යක්ෂකලා ඇහැට කනට පේන තරුණ ගුරුවරියන්ට විවිවිධාකාරයෙන් බලපෑම් කරනවා. උදාහරණ කිව්වොත් පත්තර පිටු ගණනක් ලියන්න වෙනවා. එනිසා යම් බලධාරියෙක් සිටීනම් මේ ගැන අවධානයට යොමුවේවා.
කරන්න් බැරි නම් ඉවත්වෙල යන එක සධාරණය. සමහර ගුරුවරුන්ට මුකුත් කරගන්න බැහැ. නිකම්ම නිකම් කාලය කමින් පඩි ගන්නව. අසරන සිසුන් අමාරුවේ දමමින්.
අනේ හොඳයි, නැත්තම් ළමයින්ටවත් ඉන්න හම්බවෙන එකක් නෑ...