(අංජුල මහික වීරරත්න)

මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රම සහ ප්‍රචාරක වැඩසටහන් සඳහා ආණ්ඩුව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගිහින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"ආණ්ඩුවට බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.

​දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා යනුවෙන්ද නාමල් රාජපක්‍ෂ මහතා කීය.