(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව කොලේ වහලා දේශීය ව්‍යාපාරිකයින්ගෙන් බදු ගහන බව ⁣පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

දේශීය ව්‍යාපාරිකයන්  කී දෙනෙක්ගේ ගෙවල් වලට, කඩවල් වලට, කාර්යාල වලට පැන කරදර කරලා තියෙනවාදැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

"දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා.

අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා.

දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි යනුවෙන් ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා කීය.