
(ඡායාරූපය- එච්. චන්දන)
(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
හදිසි වැටලීමකට යමින් සිටියදී ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකට ලක්වීමෙන් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි. එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය - ඉහළගම පදිංචිකරුවෙකි.
අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග මහතා ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (04) රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.
කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබීමෙන් අනතුරුව ඔවුන් මෙම වැටලීමට ගොස් තිබේ. ඒ වන විට පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබීමහේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු තිබේ.
එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ සැක සහිත ලොරිය ඔවුන් පසු කර යනවාත් සමඟ තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලොරිය හඹා යාමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇතැයි ද වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි ද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. මෙම සිදුවීම අතරතුර ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ අතර, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(ඡායාරූපය - හිරාන් ප්‍රියංකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයර් ගෙවුණු ලඩියක් වෙන්න ඇති.
හැප්පිලා තියෙන විදියට කෙනෙක් මැරෙන්න නම් අනිවාර්යයෙන්ම ඔහු සීට් බෙල්ට් නොදා සිටිය යුතුයි.
හරිම දුකයි අහන්න ලැබීම ගැන... ඔබ වගේ නිලධාරින් රටට සම්පතක්. තනතුරු සහ දීමනා දෙතුන් ගුණයකින් වැඩිකර පවුලට ලබාදිය යුතුයි.
නීතිය රැකීමට ජීවිත කැපකළ සියලුම ජාතික විරුවන්ට අපේ ප්‍රණාමය සහ ඔවුන්ගේ දූදරුවන්ට හද බැදි ශෝකය ප්‍රකාශ කරමු.
බොරුවක් වගේ...
මිනිසුන්නේ හරක් ලොරියක් අහුවුනොත් ඔබේ රාජකාරියක් කරන්න. පොලිස්පතිතුමනි... කරුණාකරලා ඉක්මනින් අර ලොරියෙ සිටි අයව අල්ලා මිනීමැරීමේ දඩුවමක් දෙන්න... නැත්තං උන්වත් අරන් යනකොට අනතුරකින් මැරුණ කියලා දාන්න. සත්තුන් බේරන්න ගිහින් වෙච්ච දෙයක්... කාලකන්නි කොරෝනා ගැනවත් හිතලා සත්තු මරන්නැතිව ඉන්න බෑ...
රථවාහන ලොක්කයි, දූෂණ මර්ධනයි එකට කාර් එකේ .... මරු වැටලීමක්නේ ඒක...
සුලු අනතුරක් නේ වෙලා තියෙන්නෙ. වින්ඩ්ස්ක්‍රීන් එකවත් බිදිල නැහැ. කොහොමද වාහනේ කෙනා මැරෙන්නේ? සීට් බෙල්ට් සහ එයාර් බෑග් වැඩ කරල නැද්ද?
නිවන්සුව ලැබේවා...!!!
මේ වගේ දෙයක් වෙනකාටහරි උනානම් හේතුව මොකක් උනත් අපරීක්ෂාකාරි රිය ධාවනය අනතුරක් වලක්වා නොගැනීම පොදු දේපලකට හානි කිරීම ආදී චෝදනා රාශියකට රියදුරු ලක්වෙනවා. අනතුරට හේතුව ලෙස දක්වන සිදුවීම කොතරම් විශිෂ්ට ද කොතරම් කැපවී රාජකාරිය ඉටුකර ඇති ද හරක් ලොරිය පලා යනවා පොලීසිය විතරක් ඔරලෝසු කනුවේ හැපෙනවා.
ආදර්ශයට වඩා අවවාදය උතුම්...
වාහනේ ඇතුලට මුකුත් හානියක් වෙලා නෑ වගේ නේද පෙන්නේ.?
මේ දවස් ටිකේ පොලිසියට අපලයි වගේ? කී දෙනෙක් මිය ඇදුනද.
මියගිය මනුස්සයටත් කියලා තියෙන කතා
සමහරවිට ලොරියෙන් ගාණක් ගන්න ගියාද දන්නේ නැහැ. මොකද කියන්නේ අපේ රටෙ නීතිය ඒ තරමට පිරිහිලා තියෙන්නේ. කෙසේවෙතත් කළ හොද නරක ඔඛෙ නිවනට අත්වෙවි. ඔබට නිවන් සුව අත්වෙවා...!!!
මේ වැනි එඩිතර නිලධාරීන් පොලිස් සේවයට ආභරණයක්. නිල ජීප් රිය නොමැතිව තිබියදීත්, තම පුද්ගලික රථයෙන් ගියේ වැටලීම කරන්න. මෙවන් අවස්ථාවලදී හරක් ලොරි කාරයන් පොලීසිය යටකර හෝ පලා යන්න තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම ඉස්සර කරන්න හදන කොටම ඇඟට කපන්න ඇති. ඒ නිසා ක්ෂණිකව හැරවීමේදී අනතුර සිදුවුණා විය හැකියි. ටයර් වලට වෙඩි තිබ්බා නම්, මේ දේ වෙන්නේ නැහැ. එහෙම නොකරන්නට ඇත්තේත් මේ නිලධාරීන් වැඩි හොඳට වෙන්නට ඇති. මේ ජාවාරම් කාරයන්ට කොයි පැත්තකින් හෝ දේශපාලකයන් සම්බන්ධ වේ යැයි ඇතැම්විට පොලීසිය බයයි. රස්සාව නැති වුනොත් ගෙදර අය බඩගින්නෙ. අනේ පව්.. රාජකාරිය කරත් වැරදියි. නොකරත් වැරදියි.
ඔය හරක්ලොරිය මායාවක් වගේ....
හොර හරක් ලොරිය නිරුපද්‍රිතව පලා ගිහින්. මනා පුහුණුවක් සහිත වෘත්තීය පොලිස් නිලධාරින්ට මොකද වෙලා තියෙන්නේ. පව් ඇත්තටම. අනතුරක් වලක්වා ගැනීමට අපොහොසත් වීම යටතේ නඩු දාවිද දන්නැහැ දැන්.