(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (19) තීරණය කර තිබේ.
ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය.
එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වි ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත් කිරීමට තීරණය වී තිබේ.එහිදි ශ්‍රි ල නි පයේ සිට පක්ෂයට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී තිබේ. අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී තිබේ.
බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් තීරණය විය.
දේශපාලන පළිගැනිමට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.
ගම්පෙරලිය ව්‍යාපෘථිය සඳහා පළමු පියවරේදි රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත් දෙවැනි පියවර සඳහා තවත් මිලියන 100 ක් වෙන් කර ඇති බවත් ඉන්පසු තෙවැනි පියවරේදි තවත් මිලියන 100ක් වෙන් කරන බවත් අගමැතිවරයා මෙහිදි දැනුම් දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලනිපයේ ඉතුරු ටිකත් පොහොට්ටුවට සහ යූ.එන්.පී එකට සෙට් වෙයි. අනික ඉතින් කල් ඉකුත්වීම ආසන්න මිනිස්සුන්ට විහිලුවක් වෙච්ච පුද්ගලයාගෙන් කොහොමත් දේශපාලුවන් ඈත්වෙනවා..
ගිලෙන නැවට කලවැද්දෝ රිංගනවා... අසා තිබුණත් බුරුවන් රිංගනවා කියලා අහලා නම් නැත.
සොයිසා මහතා කටාන සංවිධායකකම ලබාදී හැකියාවට රැකියාවක් ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාවට අවස්ථාව ලබාදීම විශිෂ්ඨයි.
හා හා හා මේ වෙලාවේ එජාපෙට සහය දක්වන්නේ සිහි බුද්ධිය ඇති අය නොවේ. එමනිසා අපි හොඳ පාඩමක් උගන්වන්නම්.
ඒ කට්ටිය එහාට මෙහාට ගියාට අපිනේ ඡන්දෙ දෙන්නේ.
ඔය දෙසිය විසිපස් දෙනාම එලවා දමන්න පුළුවන් කෙනෙක් එනවා නම් අන්න එයාටයි අපේ සහයෝගය.
ඔය ගොඩේ "අප්පචි මලෝ" ත් ඇති.
ගිලෙන නැවට නගින්න
දේශපාලන පළිගැනීම් වලට පක්වූ අයට සහන සලසනවානම් ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය බවට පරිවර්තනය කල අවස්ථාවේ ලිපිකරු අධිශේණියේ සිටි අයට වැටුප් වැඩිවීමක් දුන්නේ නැහැ. එසේ කලේ එම අය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පත්වූ අයයි යන මතයේ සිටි නිසා. එම පළිගැනීමට ලක්වූ කිසිවෙක් අභියාචනා කර නැහැ. දැනුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසක් අධිකරණයෙන් දැන්වූ දෙයවත් නොකරන බවක් දැනගන්න තියෙනවා. ඒගැනත්මෙ බලන්න. මෙයට නිදර්ශනයක් කියන්නම්. පසුගිය කාලේ චක්‍රලේඛයක් තිබුනා සේවාකාලය තුල ඉතිරිවූ නිවාඩු වෙනුවෙන් මාස කීපයක් වැඩකිරීමට අවස්ථාව දීමට. එය ඉවත්කලේ මෙයින් සහනය ලැබෙන්නේ යූ.ඇන්.පී. කාරයන්ට කියලයි. (මෙය මට කිව්වේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමති කෙනෙකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙක්.ඔහු 1991 දී ගුරු පත්වීමක් ලබා 1995 දී දේශපාලන පලිගැනීම් යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට පැමිණි අයෙක්)
හොඳ තීරණයක්. ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් රටේ පැවැත්ම සඳහා උවමනා වේ.
මෙයා තාම රැවටිලා නේ ඉන්නේ. අපිට පෙන්න ආණ්ඩුව විපක්ෂේ බෙදිලා හිටියට ඔක්කොම යටින් අත් අල්ලන් ඉන්නේ.
ඡන්දයක් අත ළඟ බවට පෙර සලකුණු.
ඇයි කෘත්යාදිකාරී කාර්යමණ්ඩලය ඒ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි නොකරන්නේ.මේ මන්ත්‍රීවරු කවුද කියලා දැන ගන්න නම් හෙළි කරන්න.එතකොට රටේ ජනතාවට පුළුවන් ඊළඟ ජනතා අධිකරණයේදී ඒගොල්ලො ගැනත් සලකලා බලන්න.