(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට හෝ පොහොට්ටුවට පළාත් පාලන ඡන්දය කල් දැමීමේ කිසිදු අවශයතාවයක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවත් මැතිවරණවලට මුහුන දීමට කිසිදු බියක් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට නොමැති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මැතිවරණයේදී අනෙක් සියළුම දේශපාලන පක්ෂ වලට වඩා ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බැවින් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මෙවර මැතිවරණය කිසිදු අභියෝගයක් නොමැති බවත් රණතුංග මහතා එහිදී තවදුරටත් කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.