(යොහාන් භාසුර)
ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.
ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164 ක ආදායමක් අපේක්‍ෂා කළ ද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570 ක ආදායමක් පමණක් බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම හිඟයෙන් සියයට 61 ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්‍ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇති යැයි හදුනාගත් බවත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක පසුරාගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්‍ෂා කළ ආදායම් ඉලක්කය ද සියයට 13 කින් අඩු වූ බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.
‘ද ස්ටේට් ඔෆ් ද බජට්’ වාර්තාව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක් වන අතර එම වාර්තාව ඡමඉකසජත්‍සබ්බජැගකන වෙබ් අඩවිය ඔස්සේ ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් අයවැය පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගණනින් සම්මත කරන්න පුළුවන් වුණත් සත්‍ය තත්වය අයවැය පරාජයට පත්වීම කියලා කියන්න පුළුවන් කමක් නැද්ද එහෙම පුළුවන් නම් මොකක්ද කරන්න පුළුවන් කියලා කල්පනාවට ගන්න
ආර්ථික දේශපාලන රිසච් ගැන විශ්වාස කරන්න පුළුවන් එකම ආයතනය තමයි වෙරිටේ එක. ආර්ථික දත්ත විශ්ලේෂණය අතින් ඉතාම ඉහළයි. දේශපාලනිකව කාටවත් ගති නෑ. අපේ උගත්තු හුඟක් මේ දත්ත කොපි කරනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් නිසා නේද අර කට්ටියක් වාහන පර්මිට් ඉල්ලලා දඟලනවා කියන්නේ..?