IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැන් පිළිතුරු සෙවිය යුත්තේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට නමුත් ආණ්ඩුවේ පිළිතුර වී තිබෙන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මර්දනය පැවැත්මේ සාධකය බවට පත් කරගත් ලෝක නායකයන් ඉතිහාසයේ කුණු ගොඩට වැටී තිබෙන බවද දිසානායක මහතා සඳහන් කළේය.

රටේ වත්මන් තත්වය පිළිබඳ පිළිබද පාර්ලිමේන්තු විවාදය අරඹමින් අනුර දිසානායක මහතා කීවේ කුණු ගොඩට වැටුණු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට කිසිසේත් අපේක්ෂා කරන්නේ නැති බවයි.

මේක නිකං සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ යැයි කී දිසානායක මහතා අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි අභියෝග කරන බවද කීය.ජනතා නැගිටීම මර්දනය කිරීම සඳහා ගන්නා හැම ක්‍රියාමාර්ගයක් නිසාම රට ලෝකයේ හුදෙකලාවට පත්වෙන බවද අනුර දිසානායක මහතා පැවසීය.

අද අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ ඉහළ සාධක මත පමණක් බවද ලංකාවෙි සංඛ්‍යා දත්ත යනු ඇත්ත තත්ත්වය වසන් කිරීම සඳහා තිබෙන දෙයක්  බවද දිසානායක මහතා කීය.

මෙි සංඛ්‍යා දත්තවලින් ඇත්ත තත්ත්වය පිළිඹිබු වන්නේ නැති අතර ආණ්ඩුවට රැකියා උත්පාදනය කරන සැලසුමක් නැතැයි ද ඒ නිසා විශාල සමාජ අසහනයකට  මුහුණ දී තිබෙන බවද  අනුර දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (8)

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ

fairoos Tuesday, 08 November 2022 01:10 PM

බයි වහල්ලු ඉන්නකම් රටට අබ සරනයි

:       7       11

Alfred Tuesday, 08 November 2022 02:16 PM

ඔයාලා පාස්කු බෝම්බ සැණකෙලිය නොකර හිටියා නම් රටට මෙහෙම විනාශයක් වෙන්නේ නෑ නේද. සමාජ මාධ්‍ය වලින් ඔයාලයි, රනිල්ගේ හා මෛත්‍රීගේ යහපලන ජුන්ටාවයි කොච්චර හොඳ වෙන්න හැදුවත් දෙවියන් දඬුවම් දෙනකොට ලේසි වෙන එකක් නෑ මහත්තයෝ.

:       12       6

fairoosTuesday, 08 November 2022 03:53 PM

පාස්කු ප්‍රහරය සැලසුම් කරපු කෙනාට අන්තිමට මොකඩ උනේ? ඔයාලටත් ඒකම තමයි සොවබාදමින් පඩිසම් ලෙබෙවි.

:       3       3

Bamunuarachchi Tuesday, 08 November 2022 01:19 PM

අනුර උඹ දන්නා පරිදී රට ආරථික අහේනියකට පත්ව තිබෙනවා. ඒ අහේනියෙන් ගොඩ එන්න උද්ගොෂනවලින් පුලුවන්ද? එබැව ජනතාවට කට අර කියාපන් කලදුටුකල වල ඉහ ගන්නේ නැතුව. ආණ්ඩුව මර්දනය කරන්නේ ජනතාවගේ පීඩනය දඩමීමා කරගෙන රටේ කලබල උද්ගෝෂණ ඇතිකර එමගින් ජෙප්පන්ට වාසි ලබා දීමට උත්සාහ කරන කාලකන්නි රැලයි අපිට මර්ධනය ප්‍රස්නයක් නොවෙයි මොකද අපි ජෙප්පන් සැඟවී කරන උද්ගෝෂණ වලට සහබාගි වෙන්නේ නැති නිසා.උද්ගෝෂණ කාරයෝ කරන්නේ කලදුටුකල වල ඉහ ගැනීමයි.

:       14       13

Bamunuarachchi Tuesday, 08 November 2022 01:29 PM

අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි ආණ්ඩුවට කියන්න එපා අපි කියන්නම්. රැකියාවක් නැතිව විභාග අසමත් වෙවී ඉන්න හොර තක්කඩි අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ නඩත්තු කරන්නේ කව්ද? අන්න ඒ නඩත්තු කරන එවුන්ගේ උවනාවන් ඉෂ්ට කිරීමට සමාජයේ පැවැත්මට බාදා අතිකරන මේ කාලකන්නි අඬු කඩා හෝ මර්දනය කල යුතුයි. මුන් උද්ගෝෂණ කිරීමෙන් බලා පොරොත්තු වෙන්නේ මොනවාද? මොවුන් උද්ගෝෂණ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රටට ලැබෙන්න තිබෙන ආයෝජන නැතිකීරීමට. මොවුන්ගේ කුමන්ත්‍රණය එයයි. එමනිසා ඔලු කුඩුවෙන්න වෙදිතිබ්බත් අපිට කමක් නැත. මේ හොර තක්කඩි අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ කාට ලොකුද?

:       16       13

sharm warnTuesday, 08 November 2022 02:11 PM

බයියෙක් බමුනෙක් වුනාම.. මිට වඩා වැදගත් අදහසක් නම් මෙ ආත්මෙට අහන්න වෙන්නෙ නෑ.

:       6       10

BamunuarachchiWednesday, 09 November 2022 10:30 PM

වැදගත් අදහස් තේරුම් ගන්න ගෝ ..යියන්ට බැහැ. වැදගත් අදහස් තේරුම් ගන්න පුලුවන්නම් මුන් ජෙප්පෝ වෙන්නේ නැහැ. ප්‍රසන්න රණතුංග ගැලපෙන නමක් ජෙප්පන්ට දැම්මේ .

:       0       0

මාම Tuesday, 08 November 2022 01:48 PM

ඔබ නිවැරදියි අනුර

:       11       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site