(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව හදිසියේම සමාජ මාධ්‍ය පාලනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(20)පැවසීය.
ආණ්ඩුවට එරෙහිව සාකච්ඡා වන චැනල් ෆෝ වීඩියෝව ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා වාරණය කිරීමේ අරමුණෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
රුසියාව, චීනය, උතුරු කොරියාව මෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරමින් ඒකාධිපති පාලනයක නිරත වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.
ආණ්ඩුවේ දුෂණ, වංචා ඇතුළු තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවත් රහුමාන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියකට සහ එහි ජනතාවට විනය සහ යුක්තිය ඇති කිරීමට ඕනෑම දෙයක් නියාමනය කර පාලනය කළ යුතුය.
අයියෝ ඔයගොල්ලන් බලයේ හිටි කාලයේදී ඕක වුණේ. ඒ දවස්වලම හරියට හෙව්වා නම් කවුද කරේ කියලා අල්ලගන්න තිබුණනේ. ඒ වෙලාවේ ඔයාලගේ සජිත් පිල හුම් සද්දයක් කරේ නෑ. දැන් කෑගහනවා. අනික ඔය කියන සමාජය මාධ්‍ය පාලනය ගොඩක් බටහිර රටවල්වලත් හිමීට සිද්ධ වෙනවා. ඇමරිකාව එංගලන්තය වගේ ලොක්කෝ අපි වගේ සොක්කන්ට සත්තම දාන ගමන් එයාලත් සද්ද නැතිව නීති සම්මත කරනවා එයාලගේ රටවල වෙන දේ පාලනය කරන්නත්. ඇමරිකාවේ ඉඳලා Edward Snowden කියන තැනැත්තා පැනලා ගියේ ඇයි කියලා හොයන්න.
ඉතින් සංතෝස වෙයන්කෝ. උබත් ඉන්නවනේ පාස්කු ප්‍රහාරෙ පිටිපස්සේ....