IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව සමඟ එක් නොවීමට සජබ තීරණය කරයි

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමටත්, එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවටත් වන විශේෂ යෝජනා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අද ඒකමතිකව අනුමත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද(8) රැස්වූ සමගි ජනබලවේගයේ  කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණ ගනු ලැබීය.

එහිදී ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළ සහ සමගි ජන බලවේගය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු ලංකාදීපයට පැවැසීය.

එහිදී විශේෂ යෝජනා දෙකක් සම්මත කරගත් අතර පලමුවන යෝජනාව ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත්  කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.

යම් හෙයකින් ජන පීඩක  ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය එහිදී ඒකමතිකව තීන්දු කරනු ලැබීය. 

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගැනීමට ද එහිදී තීරණය කෙරිණ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී  සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය එහිදී තවත් යෝජනාවක් ඒකමතිකව අනුමත කරනු ලැබීය.

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්,එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ  තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.



අදහස් (4)

ආණ්ඩුව සමඟ එක් නොවීමට සජබ තීරණය කරයි

හරිනම වහන්සේගේ කෝලමාපුක් Monday, 08 May 2023 10:48 PM

පාර්ලිමේන්තුවේ 225ම කුනු කන හොරු බව රටේ සියලුම හොද මිනිසුන් දැන් කෝටියක් ජනතාව දැනන් ඉවරයි. මේ රට සමාජවාදී කිරීමට පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්ගේ අදහසක් තිබේ. ඔහු උගත්කම වගේම බුද්දිමත් ඔහු මෙච්චර කල් බලාහිටියා .ඒත් දැන් තනියෙන් රටහැදීමට නම් ඔහු ජනාධිපති උනොත් පමනයි සිදුවන්නේ. එහෙමත් නැති උනොත් රට සුම්මා සුනේ

:       0       1

Bamunuarachchi Monday, 08 May 2023 11:19 PM

ඒක හොඳයි. ආණ්ඩුව සමග එකතු උනොත් සජෙබට ලකුණු ටිකක් ලැබෙනවා. ඒක නැතිවෙන හොඳයි.

:       2       2

Mario Tuesday, 09 May 2023 01:11 AM

පක්ෂයේ ව්‍යවස්ථාව ට පිටින් යන මන්ත්‍රි එලවා දැමිය යුතුයි. එඩිතර , ශක්තිමත් නායකයා.

:       0       1

M.a.s.p. dharmakeerthi Tuesday, 09 May 2023 06:52 AM

ඉතා හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site