(යොහාන් භාසුර)
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්‍ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉදිරියට ගෙනවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ජදන්යට කළ දේම ජනාධිපතිවරණයට කිරීම අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය.
කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ කාර්යාලයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
එය එසේ වුවහොත් ඡන්දයෙකින් ආණ්ඩු වෙනසක් කිරීමට පුන පුනා බලා සිටින ජනතාව රැවටීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ක්‍ෂය වැනි විපපක්‍ෂයේ පක්‍ෂ මේ වන විටත් එයට කැමැත්ත පළකර ඇති බවත් ඒ මහතා කීය.
කථා නායකවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා යැයි ජනාධිපතිවරයාට දැනුම් දුන් විට ජනමත විචාරණයට යොමු කළ යුතු බවත් ජනමත විචාරයෙන් ජනතාව එය සම්මත කළහොත් ජනාධිපතිවරයා එම තීන්දුව සහතික කිරීමෙන් පසුව එය රටේ නීතිය බවට පත්වන බවත් මන්ත්‍රීවරයා කීය.
එම ජනමත විචාරණයේ ප්‍රතිඵලය කවුරුන් හෝ අභියොග්යට ලක්කළ හොත් එනම් ආණ්ඩුවම ඔවුන්ගේ කෙනෙක් හරහා අධිකරණයට ගියොත් එම නඩුව අවසන් වන තෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි නොවන්නාක් මෙන්ම ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව ද උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’
සාලිය Tuesday, 13 February 2024 04:26 PM
විධායක ජනාධිපති ධූරය විෂ ගුලියකි. සීනි හෝ මොනවා තැවරුවත් කමක් නැහැ. ඉවත් කල යුතුය.
ගදය උම්මන්පිල Wednesday, 14 February 2024 08:43 AM
රුපියල් 100ක් දෙන්නම් කිව්වනෙ. පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නකො මන්ත්‍රී තුමෝ .
Dasa P Thursday, 15 February 2024 06:52 AM
අර හිටවපු ගස් ලක්ෂයට මොකද උනේ?මගෙන් රුපියල් 100 කුත් ගත්තා.