(*** විනීතා එම්. ගමගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (03) පැවැසීය.
මිෂෙල් බැෂෙලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යැවූ බව ද අමාත්‍යවරයා කීය.
ඇමැතිවරයා පැවසුවේ වර්තමාන රජය කෙරෙහි ද්වේෂසහගත දැක්මකින්, තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීමත් චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් යන කරුණු හේතුවෙන් රජය ඇයගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ මොනාර්ෂ් හෝටලයේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි අන්තර්ගතය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලබන අවස්ථාවේ දී ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
සංකල්පීය වශයෙන් පැවැසුවහොත් ප්‍රධාන කාරණා 2ක් කියා ඇතැයි ද 30.1 සහ 40.1 යන යෝජනාවලින් ලබාදුන් විෂය පථයට පටහැනිව මේ වාර්තාව සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එම වාර්තාවේ පිටු දාහතරහමාරක් ඇති බවත් එයින් තම විෂය පථයට අදාළව ඇත්තේ පිටු දෙකහමාරක් පමණක් බවත් ගම්මන්පිල මහතා කීය.
අනෙක් සියල්ල තම විෂය පථයට පටහැනිව, වර්තමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂසහගත ලෙස වාර්තාවක් සකස්කර ඇතැයි පැවසූ ඔහු දෙවැනි කාරණාව වන්නේ වාර්තාවේ නගා තිබෙන චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වී තිබීම යැයි ද පැවැසීය.
මේ කරුණු පදනම් කරගෙන එකී වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ විස්තරාත්මක කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ප්‍රතික්ෂේප කළාම ප්‍රශ්නේ විසඳෙනවාද?
නියමෙට බයවෙල ලජ්ජා වෙලා ඇති. සමහර විට ජොබ් එක දාලා යයි. අපිත් එක්ක කොහොමද ඔයගොල්ලො සෙල්ලම් දාන්නේ... හොඳ පාඩමක් ඉගෙන ගනියි. පොඩි අයට ටොකු අනින්න ඇවිල්ලා...
විසිකළාට කවුද ගණන් ගන්නේ...? ලංකාවට එන පෙට්‍රෝලියම් නැව් ටික බ්ලොක් කළාම තේරෙයි. ඔය චණ්ඩින්ට හොම්බෙන් තමයි යන්න වෙන්නේ.
හිඟමනේ යද්දී තමයි හිතෙන්නේ ප්‍රශ්න වලට මූණ නොදී ඉන්න එකේ රඟේ...
වරාය දෙනකල් ඔය වගේ ඒවා තව තව ඉදිරිපත් කරයි. වාර්තාව හදලා දෙන්න ඇත්තේ ලොකු අයියලා වෙන්න ඇති...
69 ලක්ෂයක් ඡන්ද දායකයින්ගේ එකම පැතුම "ඉල්ලන් කෑම" දම්මික
69 ලක්ෂයගේ ඉල්ලන් කෑමේ අනික් පැත්ත රට පාවාදීම කියලා සමහර අයට නොතේරීමත් අපේ අවාසනාවක්...