(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පැවසීය. දැළ එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල මහතා කීය.
"අපි දැන්ම දැළ අදින්නේ නැහැ.සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ "යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හන්තානේ කඳු මුදුන සිසාරා විකුණල දාලා එන්නම්...
නුවර අධිවේගී මාර්ගයේ කොමිසුත් අරන්ම එන්න
‘‘ආණ්ඩුව පෙරළා දමන්නට දැළ එලා අවසන් ‘‘ ලු. මට මතක් වෙන්නේ අර පුසගේ කරේ මිණිගෙඩිය බන්දින්න කතා වෙච්ච මීයෝ ටික.
අනේ මෙයාගේ කතා සුද්දවන්තයෙක්
හරි අප්පුහාමි තමුන්නාන්සේලාට මාරුවෙන් මාරුවට රට විකුණාගෙන කන්න දෙන්න තමයි මෙි රටේ ජනතාව අවුරුදු පහකට බලය දෙන්නේ.අපේ රටේ වහල්ලු නොවෙින්න තමුන්නාන්සේලා අද ජිවතුන් අතරත් නැහැ.මෙි ගත කරන්නේ තමුන්නාන්සේලාගේ අන්තිම කාලය.රටේ ජනතාව ගල් ගහලා එලවන කාලය වැඩි ඇතක නැහැ.ඔබලාගේ මෙි දෙශපාලන කරමය වාහාම වෙනස් කල යුතුයි.නැත්නම් ත්රස්තවාදීන් හිටිය කලයේදී තියාගත්ත ආරක්ෂාවට වඩා ආරක්ෂාවක් යෙදා ගන්න වෙයි.මේ සිංහලයන් අතර ජිවත් වෙන්න.ඒ තත්ත්වය ඇති නොකර කරන්න පුළුවන් මිනිහෙකුට දීලා පව් නොදී ගෙදර යන්න.
අපේ විපක්ෂ එදා ඉදන්ම කලේ ආණ්ඩු පෙරලා දමා තමන්ට බලය ගන්න එකම තමයි. නමුත් තමන් ආණ්ඩු බලය ගත්තාමත් කරන්නේ අර කලින් හිටිය අය කළ දේම තමයි. නැත්නම් ඊටත් වඩා දරුණු ලෙස හොරා කන එකයි. කවදද අපේ විපක්ෂයක් හොද දේ අගය කරලා නරක දේකට විරුද්ධ වෙලා රටට හිතකර තීන්දු තීරණ ගත්තේ.. හැමෝටම රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය මතක් වෙන්නේ විපක්ෂයේ ඉන්නකොට විතරයි. බලය ලැබුණාම තම තමන්ගේ සුබසිද්ධිය ගැන විතරයි හිතන්නේ. එකම ක්‍රම වේදය වෙනස් වෙනස් පුද්ගලයින් විසින් සිදු කිරීම තමයි ආණ්ඩු මාරු වීමකින් ලංකාවේ සිදු වෙන්නේ.
ආයෙත් ඔහෙලගේ පැත්තට නම් පෙරලන්නෙ නෑ මිනිස්සු
මොනපැත්තේ සිටියත්,මේලෝකේ රහක් නැති උඩඟු දේශපාලකයෙක්.බලයේ සිටියදී,විපක්ෂයේ කෙනෙකුට කතාකරන්න වත්,හරියට ඉඩදුන්නේ නැහැ.බාධා කළා.ඒ වගේම කොයි වෙලාවෙත් හිටියේ හරියට මළ පැනලා වගේ.තවමත් එහෙමමයි.
යහපාලනයේ දෙවැනි අදියර නියමයි... පුරවැසියා හරිම වාසනාවන්තයි...
මේ ආණ්ඩුව ඉවරවෙන්න ඔහේලා කරපු කෙන්ගෙඩියක් නැහැ. මේක ඉවර වුණේ තියෙන අදක්ෂකම නිසා. ඒත් සජබ හෝ ජවිපය මේකට විසඳුම නොවේ. ජනතා නායකයෙක් ජනතාව අතහරින්නම ඇතිවිය යුතුයි. නැතිනම් දැනට සිටින වැඩක් කළ හැකි දේශපාලකයින් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් ඉදිරියට ආ යුතුයි.
ඔබලා පෙරලයි දැල් දාලා... අපි මහපාරේ...
දවල්ද? අනේ මේ වගේ පුරසාරම්..!!!
දැල එලුවා නම් කයිවාරු නොගහා ඇදල ඉවර වෙලාම පෙන්නපල්ලකෝ. මෙතෙක් කල් ගහපු කයිවාරු එකක් වත් හරි ගියාද? ගෝඨාභයටම ගැලපෙන විපක්ෂය!
කළින්ම දන්වපු එක හොඳයි. ඒ නිසා දැන් මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවලා තියෙන්නේ කට්ටිය ලෑස්තිවෙන්න 20 සම්මත කරගත්තා වගේ පෝර්ට් සිටි එකත් සම්මත කරගන්න කෝටි ගාණක් කපාගෙන පාඩුවේ ඉන්න. එහෙම හොඳයි නේද?
මේ කියන කවුරු ආවත් එච්චරයි. දැන් සර් ඇවිල්ලා හොඳට කරනවනේ..
ආණ්ඩු පෙරලනවා කියන්නේ කූනිස්සෝ අල්ලනවා වගේ සොච්චම් වැඩක් කියලද හිතාගෙන ඉන්නේ?
ආණ්ඩුවට කිව්වාට දැල දාල තියෙන්නේ පාණ්ඩුවටනේ...
කොරෝනා ව්‍යාපෘතියට නීති හදලා වැඩිදියුණු කරපු ආණ්ඩුවට කණගාටුයි. දේශීය වෙදකමට පයින් ගහලා පිටරටින් එන එන්නත අපේ මිනිස්සුන්ට ගැහුවා. ආණ්ඩුවට ගැලවෙන්න එකම ක්‍රමය කොරෝනා බොරුවක් කියලා පෙන්වන එක...