
(නිමල කොඩිතුවක්කු)
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල් මාස හය තුළ ක්‍රියාත්මක වීම ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් විය හැකි බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවසීය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත් කරුණු ඉටු කිරීමට අදාළව ආණ්ඩුව මුල් මාස හය තුළ අවශ්‍ය මාර්ගයට අවතීර්ණ වී ඇති බව එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමේදී හෙලිවන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ සකස් කර ඇති වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය සිදුකළ අධීක්ෂණයට අදාල පළමු අර්ධ වාර්ෂික අධීක්ෂණ වාර්තාව එළිදැක්වීමට කොලඹදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලාවේදී පැවති මෙම අවසථාව සඳහා ආණ්ඩුවේ නියෝජිතයින්, විපක්ෂ මන්ත්‍රීවරුන් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැලවත්තේ අරමුදලෙන් නඩත්තු වෙන ව්‍යාපාරයක් වෙන්න ඇති. එහෙම අය තමයි මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ. නැත්නම් රටේ මිනිස්සු දන්නවා ආණ්ඩුවේ වැඩ ගැන හොඳටම...