
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉක්මනින් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ලිපියක් බාර දුන්හ .
ආණ්ඩුව ඇමරිකානු සමාගමක් සමඟ අස්සන් කර ඇති මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි ද හවුල්කාර පක්ෂවල නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත .
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජි විරසිංහ,ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ,යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ සහ අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමියන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට එම ලිපිය යවා ඇත .
බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත වී ඇත්තේ පූර්ව දැනුම් දීමකින් තොරව බව ද, කැබිනට් ඇමතිවරුන් තිදෙනකු එම පත්‍රිකාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉල්ලා කැබිනට් මණ්ඩලයට ලිපියක් බාර දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ සිදුව නැති බව ද එම ලිපියේ සඳහන් කර ඇත මෙවැනි බරපතළ කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීමේ දී කැබිනට් මණ්ඩලය මනාව දැනුවත් විය යුතු වුවත්, එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් යැයිද , මෙම ගිවිසුම ප්‍රකාරව ක්ෂණිකව ලැබෙන මුදල ඩොලර් මිලියන 250ක් වුවද යුගදනවි බලාගාරයේ වටිනාකම ඩොලර් මිලියන 250ක් බවට නිවැරදි තක්සේරුවක් කර නොමැති යැයිද එම ලිපිය මගින් පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, දැන් දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන, ඔබතුමාගේ වැඩක් බලාගෙන නිකන් හිටියා නම් ඉවරයි... මේ රට හදන්න ඔබතුමා දන්නේ නැහැ... ඔය වැඩේ ඇමෙරිකාවට, ඉන්දියාවට, චීනයට, මොකාට දුන්නත් ඔහොම තමයි. සජිත් කවදා හරි ඇවිත් ඔහොම දෙයක් කරන්න ගත්තොත්, මහින්දලා කරන්න දෙන්නේ නැහැ. මේ කාලකණ්ණි දේශපාලකයෝ ටික මේ පෘථිවි තලයෙන් මකබෑවෙනකම් මේ රට මෙහෙම්ම තමයි.