IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව කෝටි ලක්ෂ 9කින් වැඩි කරයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි ලක්ෂ 9 කින් පමණ වැඩි කිරීමට අදාල විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මේ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 497900 සිට කෝටි 13979 ක් දක්වා වැඩිවනු ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම, පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයද අද (9) පැවැත්වෙනු ඇත.

ඒ අනුව එම විවාදය අද (09) පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වෙනු ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.

 



අදහස් (0)

ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව කෝටි ලක්ෂ 9කින් වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site