(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි ලක්ෂ 9 කින් පමණ වැඩි කිරීමට අදාල විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 497900 සිට කෝටි 13979 ක් දක්වා වැඩිවනු ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම, පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයද අද (9) පැවැත්වෙනු ඇත.
ඒ අනුව එම විවාදය අද (09) පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වෙනු ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd