ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශ කිරීමෙන් පසු 12 වැනි දින සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24) පැවැසීය.
දින 100න් අලුත් රටක් තේමාවෙන් වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 8 වැනිදා බලයට පැමිණි බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබන අගෝස්තු මස 12 වැනිදා සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමෙන් පටන් ගන්න . අපි අපගේ සහයෝගය දෙන්න ලෑස්තියි.
දින 100ක් මොකටද? දැනටත් ජනතාව එයාලා ගෙදර යවලා තියෙන්නේ.
ආණ්ඩුව ගෙදර යවනවා. ඒවගේමයි ඔයගොල්ලොන්වත් ආපහු පත්කරගෙන දුක් විදින්න තරමට ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ.
ආණ්ඩුව වගේම ඔයාලත් ගෙදර යන කාලේ හරි දැන්
ආණ්ඩුව ගෙදර යැවීම කෙසේවෙතත් නැවත ඔයගොල්ලෝ බලයට ගෙන එන්න නම් රටේ වැඩි දෙනෙක් කැමැත්තක් නොදක්වති
අනේ මහත්තයෝ අපිට තවත් නම් ආණ්ඩු එපා, මේ අයට කන්න, අදින්න, වාහන ගන්න දෙන්න අපි ළග තවත් සල්ලි නෑ. අනේ කරුණකරලා වෙන කොහේ හරි සල්ලි තියන රටක ඔය වැඩේ කරන්නකෝ. අපි හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ. ජනතාවට දැන් කිසිම දේසපාලන පක්ෂයක් හෝ නායකයෙක්ගෙන් වැඩක් නෑ. අවශ්‍ය නිදහසේ ඉන්න. ඒකට ඔයාලා ඕනි නෑ. මම මෙහෙම කීවට තරහ වෙන්න එපා
මොකද අගෝස්තු 12? ඊට කලින් නැකතක් නැද්ද?
මේ සඳහා රටේ අස්සක් මුල්ලක් නෑර ඇති පංසල් පල්ලි කෝවිල් වලට යන්න රථ පෙළපාලියක් සූදානම් කරනවලු නේද. එම ස්ථානවලදී මේ රජයේ වැරදි සියල්ලම කියන්න. ඔබලා මේ රජයට කල හිරිහැර සියල්ලමත් කියන්න. ඔබලා 2015 ට පෙර කල දේවල් හා 2020 සිට කරන දේත් කියා පිහිට යදින්න. ජයවේවි.
ආන්ඩුව විතරක් නෙවි ඔයාලත් යන්න ලෑස්ති වෙන්න..
කීවෙනි දින සීයද?
ආණ්ඩුව ගෙදර යැව්වා කියමුකෝ. එතකොට කව්ද එන්නේ?