(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව බත්තරමුල්ලේ දී කළ උද්ඝෝෂණයේ දී 31දෙනෙක් අත්අඩංගුවට ගැනීම ඒකාධිපති ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන බවට පැහැදිලි සාක්ෂියක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
මෙි සම්බන්ධයෙන් කණගාටු විය යුතු අතරම ලැජ්ජා විය යුතුව තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජනතා ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව අද මූලික අයිතිවාසිකම් ද අමතක කර මර්දනය ක්‍රියාත්මක කරන බව කීය.
අත්අඩංගුවට ගත් පිරිස ඈත පළාතක නිරෝධායනයට යැවීමට සූදානම් වන බව ආරංචියැයි ද ආණ්ඩුවේ මර්ධනයේ අලුත්ම මුහුණුවර එය බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න දන්නේ නැහැ.. ඒක නිසා තමයි එදා එකම පවුලේ 06 දෙනෙක් 75%ක් පමණ ලංකාවේ දේපළ බෙදාගෙන කරන්නේ..
රාජපක්ෂ ආණ්ඩුව මොනවද මේ මිනිස්සු අත්අඩංගුවට අරන් කරන මෝඩ වැඩේ...? අර ජේ.ආර්. ගේ කාලෙ වගේ උද්ඝෝෂකයින්ට පහර දුන්නා නම් ඉවරයිනේ... ඔය මහාචාර්යවරුත් ගුටිකාලා දිව්වේ අපූරුවට...
මැරිලා ඉපදිලා... යහපාලනේ කොහොමද කලේ කියලා මතකයි...
නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරන කොතලාවල විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැනගන්න අයිතියක් නැද්ද? ඒ කිසිවකට ඉඩ නොදී හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්ති වෙනවා. අනෙක් පැත්තෙන් පොහොර ප‍්‍රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ, බඩුමිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් යනවා. මේ ගැන සජිත් ඇතුළු විපක්ෂය දැඩි ලෙස විරෝධවීම ජනතාව දැඩි ලෙස ප්‍රසාදය පලකරනවා...
අපිට නම් වැඩේ කෙරෙනවා නම් කවුද කරන්නේ කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මොකද යුද්ධය ජය ගන්න පළවෙනි හේතුව ආරක්ෂක ලේකම් සහ ජනාධිපති අයියා මල්ලී වීමයි. එසේ නැතිව ආරක්ෂක ලේකම් වෙන කෙනෙක් වුණානම් යුද්ධයේදී හදිසි තීරණ ගන්න ජනාධිපති නින්දෙන් නැගිටිනකම් ආරක්ෂක ලේකම් බලා ඉඳියි. එතකොට වැඩ හමාරයි.
80 දශකයේ ටයර් 75000ක් අතුරුදන්...