(නිමල කොඩිතුවක්කු)
ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (18) ප්‍රකාශ කළේය.
දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් කොළඹ දි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු තවදුරටත් තව දුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා නොගියත් ඔයාගේ කල්ලියේ සැහෙන්න පිරිසක් රනිල් ගාවට යනවා ඒක ෂුවර්..., එහෙම වුණොත් ඔයාට විපක්ෂ නායකකමත් නැතිවෙයි එච්චරයි....
ඇත්තටම මේ රටේ අනාගත නායකයා වෙන්න සිහින දකින කෙනෙක් නේද? මොනවාද මේ කියන බහුභූත. දැන් සතියක පමන කාලෙක ඉඳන් එයාගේ අය ආණ්ඩුවට යන්නෑලු. සල්ලිදීලා ගන්න හදනවලු. ඉතින් ඕක කොහොම වුණත් රට්ටුන්ගේ දැවෙන ප්‍රශ්නය ඒකද? මෙයයි මෙයාගේ කට්ට්යයි වෙනම ග්‍රහලෝකෙකින් ආපු අය වෙන්න ඇති...
ඇත් ගොව් තනතුර සඳහා ඩීල්දාලා, හැමදේම පාවා දුන්නා. අද රටත් බංකොළොත්... දැන් බයිලා ගායනා කරකර ඉන්න. ජනතාව හාමතේ...
ආණ්ඩුව එපා වුනු මිනිස්සු ජේ.වී.පී කාරයින්ට එකතුවෙන එක වලක්වන්න කොන්ත්‍රාත්තුව ගන්නකොට එයාලා එහෙම කියන්න කිවුවද ?ඔහොම අල්ලාගෙන ඉන්න.මිනිස්සුන්ට අමතක වෙනකල්
ඔහෙ ඩීල් නොදැම්මට ඔහෙගෙ ගෝලයෝ සැට් එකක්ම ඇමතිකං වලට ඩීල් දාල ඉවරයි හලෝ.
ඔව් උඹේ ගොන් කතා වලට රැවටෙන්නේ නෑ.
සජබයින් එක්ක අපේත් ඩීල් නැහැ...