
(ඩයනා උදයංගනී)
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර නොගන්නා බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
නමුත් ජනතාවට දැඩිව බලපා ඇති ආහාර මිල, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර, ඖෂධ සම්බන්ධ ගැටලු විසඳීමට අගමැතිවරයා හා ඇමති මණ්ඩලය කටයුතු කරනවා නම් ඊට අදාළව පාර්ලිමේන්තුවට ගෙන යෝජනාවන්ට සහය ලබාදෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා ලැබී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමේ ක්‍රමවේදය සර්වපාක්ෂික ආණ්ඩුවක ආකාරයෙන් සිදුව නොමැති නිසා රජයේ කොටස්කරුවන් නොවීමට තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
රජය සර්ව පාක්ෂික ආණ්ඩුවකින් බැහැරව යනවා නම් එයට සහය දිය නොහැකි බව කී සිරිසේන මහතා සැමවිටම ඉන්නේ පොදු ජනතාව සමඟ සිටින බව ද ප්‍රකාශ කළේය.
ඒ අනුව විපක්ෂයේ සිට කටයුතු කරන බවත්, විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ඉදිරිතත්වය අනුව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, පක්ෂ මහලේකම්, දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින්ම එහෙම කිව්වේ ඇමැතිකම් දෙන්නේ නැහැ කියලාවත් ආරංචි වුණාද? අනික මේ පාර බුද්ධිමතුන්ට විතරනේ ඇමැතිකම් දෙනවා කියන්නෙත්..!
මහජන පාර්ලිමේන්තුව තුළ කිසිඳු දේශපාලන පක්ෂයකට වර්තමාන අර්බුදය විසඳීම සඳහා අගමැතිවරයකු පත්කර ගැනීමට එකඟ තත්වයකට පැමිණීමට නොහැකිවීම ඛේදනීය කරුණකි. ඔබ සියලුදෙනා අගමැති සිහිනයක සිටීම නිසා සහ තනතුර ලබාගැනීමට අනවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.
තමුන්ගේ කෙරුවාවල් ගැනත් රටම දන්නවා. පස්ස දොරින් දින 52 අගමැතිකම පුදලා රටම ගිනි ඇවිලෙව්වා.. රටට හෙන ගැහැව්වත් දේශපාලුවන් හිතන්නේ තම බලය රැකගන්න. බලලෝබී, බඩගෝස්තරවාදී අවස්ථාවාදී දේශපාලුවන් ඉන්නකම් රටට වැඩක්ම නැහැ .
අගමැති පත්කර ඇත්තේ රාජපක්ෂලා ආරක්ෂා කිරීමට පමණයි...
තමුන්නැහැලා හිටපු කාලේ කරපුවා අපි දන්නවා. ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න...
ඇමැති ධුර බාරගෙන කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැනේ. මෙතෙක් කල් කරලත් නැහැ. ඒ නිසා හොදයි.. ජනතාවට කොච්චර කරදර තිබුණත් සැප සම්පත් අරගෙන පාර්ලිමේන්තුවෙන් නිකන් කාලා සැපෙන් ඉන්න...
නැග්ග ඉනිමගට පයින් ගැසූ ඔබට ජනාධිපති තනතුර ගන්න උදව්කර පාක්ෂිකයින් නොසලකා හැරීම නිසා පක්ෂය වලපල්ලට යැවුනේ ඔබ නිසායි. බුදුහාමුදුරුවෝ අනිමිසලෝචන පූජාව කළේ කළගුණ සැලකීම වෙනුවෙනි... කැතයි ලොක්කෝ මේ වෙලාවෙ රට අගාධයකට වැටීමට තමනුත් හේතු වුණේ පාස්කු ප්‍රහාරය නොසලකා හැරීම නිසායි..
අගමැති වශයෙන් සිරිසේන තමාව පත් නොකළ නිසා තමයි මේ උතුර දකුණ මාරුවෙලා දඟලන්නේ. තුන් දෙනාගේ නම් ඇතුළත් ලිපිය යැව්වා කියා මාධ්‍යවලට කිව්වා. පසුදා කියනවා එය යැව්වේ නැතිලු. එතැනත් කළේ කපටිකම. කිසිවෙකු බාරනොගත් වැටුණු රට තනි මන්ත්‍රී කමක් හිමි රනිල් බාරගත්තා. දැන් ඉරිසියාවේ දඟලනවා. දැන් රටවාසීන් හැටියට, දේශපාලන පක්ෂවල මතභේද ගැන කෙස් පැලෙන බොරු, තර්කවලට කාලය යෙදවීම නිෂ්ඵල වැඩක්... වැටී ඇති රට ගැන සිතීම හා එය ගොඩගැනීම ගැනයි. දැන් සිතිය යුතු වන්නේ. කවුරුවත් බාර නොගත් රට ගොඩනැගීමට රනිල් බාරගත්තා. එක දවසෙන්ම ඔහු වැඩ පටන් ගත්තා. දැන් වැඩ බැරි බොරුකාරයින් හා කයිවාරු කාරයින් ඔහුට බාධා නොකළ යුතුයි. අපට මේ වෙලාවේ අවශ්‍ය, දේශපාලන පක්ෂ සුරැකීම නොව රට සුරැකීම සඳහා කැපවීමයි. රට ගොඩගත් පසු මැතිවරණයකට ගොස් ජනතාවට කැමැති නායකයින් තෝරාගත හැකියි. යම්කිසි විදිහකින් රනිල් රට ගොඩගතහොත්, අනිකුත් පක්ෂවල අයට යන එන මං නැතිවෙයි. ඔවුන්ගේ මේ කැළඹීම ඒ නිසාවෙන් බව අකමැත්තෙන් වුවද පැවසිය යුතුයි.
ඇමැතිකම් නෙවෙයි ජනාධිපතිකම කළා කියලත් රටට කරපු කෙංගෙඩියක් නැහැනේ...!