
(අංජුල මහික වීරරත්න)
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි මාලාව ඇලපිල්ලමක්වත් වෙනස් නොකර ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය එකඟවීමෙන් ඒ කාරණය බව තහවුරු වන බව ද පතිරණ මහතා කීය.
ජනාධිපතිවරණයට පෙර කී දේවල් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඉතාම කෙටි කාලයකදී පරාජයේ අළු මතින් නැඟී සිටින බවද මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බවද හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දොස්තර විභාගේ සමත් වුනේ එකදවසින්ද? එහෙමත් නැත්නම් රෝගියෙක්ට දෙන පළමු බෙහෙත් වේලෙන්ම සුව වෙනවාද? කතාව හරියට කොන්දොස්තර කෙනෙක් වගේ..!!!
කලින් වැඩ පිළිවෙලට වඩා චූ...ට්ටක් වෙනස්. හොරු නෑ. ඒ වගේම හොරු හිරේ යන්න පටන් අරන්...
බලයේ හිටපු දූෂිත දේශපාලුවන් කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නිසා රටම බන්කොලොත් වුණා. ඒ තත්ත්වය නිසයි අයි.එම්.එෆ්. යන්න වුනේ...
අපි බලාපොරොත්තු වෙනවා නව රජය මේ කියමන සම්බන්ධව පිළිතුරක් දේවි කියලා. ඇත්ත වශයෙන්ම ඔය කතාව මාලිමා වේදිකාවේ සැරටම කියපු දෙයක් රටට අවශ්‍යා ලෙස වෙනස් කරන්න යන බව... සජිත් පවා කිව්වා. නමුත් සජිත්ට බලය ලැබුණේ නෑ. ලැබුණේ මාලිමාවට. අපිත් ඡන්දය දුන්නේ ඔය කතාවල් වගේම අනෙකුත් රට වෙනුවෙන් කියූ දේ නිසා. ඒ නිසා වෙනසක් සිදුවෙලා නැත්නම් අපි ඒ ඇයි කියලා දැනගන්න කැමැතියි ඊළඟ මැතිවරණයට කලින්...!
මෙවැනි දෑ සති දෙක තුනකින් කළ හැකි යැයි සිතන්නේ නම් ඔහු මන්ද බුද්ධිකයෙකි...!
වෙනස්, මහත්තයෝ. මේක දැන් කරගෙන යන්නෙ අවංක මිනිස්සු. ඉස්සර හොරු...
වෙනස් කරන්නේ මොකටද, සීයාගේම සෙට් එකක්නේ දැන් රට කරවන්නේ...!
තමුන්ගේ නායකයා ඇතුළු සියලු දෙනා එකතුවෙලා රටේ ආර්ථික බිංදුවටම දැම්මට පස්සේ එන්.පී.පී එක මැජික් පොල්ලක් අරගෙන එන්න ඕන කියලද කියන්නේ? තවමත් කරන්නේ ජනතාව ගොනාට අන්දන්න හඳන එක. කාලකන්නි.
කොහොමද වෙනස් කරන්නේ? එහෙම පුළුවන් ලෙසටද කරලා ගියේ? රජය පිහිටුවාට පසු සාකච්ඡා කර බරපතල කොන්දේසි ලිහිල් කිරීමක් කරන්න හැකිවේවි, ඔබලා කිව්වේ එහෙම වත් කරන්න නොහැකි බව නේද? ඒක පාර්ශිකව රටක් එළඹී ඇති ගිවිසුමක් වෙනස් කර අර්බුද මවා රට අස්ථාවර වනවාට කැමැතිද? ඒකයි මෙයා රනිල් සමග නොව රට සමග ඇති ගිවිසුමක් බව ඔබලා කීවේ... රනිල් හැර වෙන කෙනෙකු ආවොත් මේවා අවසන් බව නොවේද?
මෙයා මන්ත්‍රී වුනේ රිචඩ් පතිරණ තාත්තා ගාල්ලට කරපු වැඩ කොටස නිසා. මෙයා ගාල්ලට කිසිම දෙයක් කරලා නැහැ. මෙයාගේ වත්කම් පරීක්ෂා කළොත් හොඳයි. මෙවර මෙයාගේ පරාජය ස්ථිර යි. හිටපු සෞඛ්‍ය ඇමැති හොඳයි කියලා අත උස්සපු කෙනෙක් මෙයා...!
කෙහෙළිය බෙහෙත් හොරාකනවා දැන දැනත් කෙහෙළියව බේරාගන්න අතඋස්සපු එක... දැන් බයිලා කෙළිනවා.
දන්න දොස්තරකම කරගෙන හිටියා නම් හොදයි නොදන්නා දේශපාලන කතා නොකර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා එක දවසින් වෙනස් කරන්න බැරි වෙලා තියෙන්නේ දැන් ඒක ගිවිසුමක් නිසා, ඒක වෙනස් කරන්න නම් දෙපාර්ශවයම එකඟ වෙන්න ඕනෑ. එහෙම නැතුව ඒක පාර්ශ්විකව ඒක වෙනස් කරන්න ගියොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමෙන් ඉවත්වෙයි. එහෙම ඔවුන් ගියොත් රට කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාස නැති වෙනවා.රටට ලැබෙන්න නියමිත ණය සහ ආධාර නොලැබී යයි. එක තමයි තමුසෙලාගේ උවමනාව, එහෙම වෙලා රටේ නැවත තෙල් පෝලිමේ ගෑස් පෝලිම් හැදෙන තුරු බලාගෙන ඉන්නේ. නැවත හොරුන්ගේ ග්‍රහණයට රට යටත් කර ගන්න.