(අජන්ත කුමාර අගලකඩ)
කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(05) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ.
ඇතැම් මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී නොවන බවට කලින්ම දැනුම් දී තිබුණ ද,ඇතැමුන් එවැනි දැනුම් දීමක් පවා කර නොතිබූ බව දැනගන්නට ඇත.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද ආණ්ඩුපක්ෂ රැස්වීමට සහභාගි වූ බව දැනගන්නට තිබේ .
මේ අතර, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබුනේ කිසිදු පලක් නැති හා කතා මණ්ඩපයකට පමණක් සීමා වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට තමා සහභාගී නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය තෙල් පෝලිමේද?
ඕවට ගිහින් පස්සේ ගුටිකන්න කවුද කැමැති? දැන් කට්ටියම ටිකෙන් ටික වෙනස් වන බව පෙනෙනවා..!