
(දමිත් වික්‍රමසේකර)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවසුවේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජාකරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි. සෑම වසර 5 කට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් කමක් නෑ, හැබැයි පාවිච්චි කරන වාහනය V8 නම් ප්‍රශ්නයක් එනවා.
මන්ත්‍රීන් සම්බන්ධ දෙයක්වත් කෙලින්ම විසඳගන්න බැරියැ ... රට ගැන කුමන කතාද?
සෑම මන්ත්‍රිවරයකුටම පෞද්ගලික වාහනයක් තිබිය යුතු යැයි ව්‍යවස්ථාවේ තිබේද?
ඡන්ද ගන්න බලාගෙන හතර අතේ බොරු විදලා දැන් ඇඹරෙනවා. මේකෙන් පේන්නේ මාලිමාවට මේ සම්බන්ධව කිසිම ප්‍රතිපත්තියක් තිබිලා නෑ කියන එකයි...
2/3 ඉන්න එයාගේ මන්ත්‍රීලාට හම්බවෙන කුට්ටිය අඩුවෙන නිසා තමයි ජනාධිපති තුමා එක පෑන් පාරින් තෙල්මිල අඩු කරන්නේ නැත්තේ...!
අපේ දැනගැනීම පිණිස එක මන්ත්‍රී කෙනෙකුට කෝටාව කීයක්ද?
සාමාන්‍ය ජනතාවට වාහන ගෙන්නද්දී මෙහෙන් ගහන ටැක්ස් එක නැති කරලා දාන්න. මිනිස්සු රට දාලා යන එක අඩුවෙයි.
කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?
වාහනයක් ගන්න එකත්, තෙල් ගන්න එකත් ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙන්න. සියලු රජයේ ආයතනවල ඇමතිවරු, නිලධාරීන් එළියට ඇවිත් වැඩබිම්, ගොවිබිමිවලට ගිහින් ප්‍රශ්න දැකලා ඉක්මනින් පිළිතුරු හොයන්න ඕනේ. රජය පැත්තෙන් තමන්ගේ වැඩ පිළිවෙල සමාජගත කිරීමේ දී අඩුපාඩු තියෙනවා. ඉක්මනින් හදා නොගත්තොත් ප්‍රශ්න හුඟක් ඇතිවේවි.
දැන් එතකොට කවුරුවත් බස් එකේ එන්නේ නැද්ද?