IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්

(දමිත් වික්‍රමසේකර)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.

රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජාකරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි. සෑම වසර 5 කට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු පැවැසුවේය.

 



අදහස් (10)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්

රුවන් Sunday, 01 December 2024 10:41 PM

ඒක නම් කමක් නෑ, හැබැයි පාවිච්චි කරන වාහනය V8 නම් ප්‍රශ්නයක් එනවා.

:       0       7

pj Monday, 02 December 2024 01:53 AM

මන්ත්‍රීන් සම්බන්ධ දෙයක්වත් කෙලින්ම විසඳගන්න බැරියැ ... රට ගැන කුමන කතාද?

:       2       6

pj Monday, 02 December 2024 02:03 AM

සෑම මන්ත්‍රිවරයකුටම පෞද්ගලික වාහනයක් තිබිය යුතු යැයි ව්‍යවස්ථාවේ තිබේද?

:       2       4

යෝගා Monday, 02 December 2024 05:56 AM

ඡන්ද ගන්න බලාගෙන හතර අතේ බොරු විදලා දැන් ඇඹරෙනවා. මේකෙන් පේන්නේ මාලිමාවට මේ සම්බන්ධව කිසිම ප්‍රතිපත්තියක් තිබිලා නෑ කියන එකයි...

:       5       9

primeshika Monday, 02 December 2024 07:11 AM

2/3 ඉන්න එයාගේ මන්ත්‍රීලාට හම්බවෙන කුට්ටිය අඩුවෙන නිසා තමයි ජනාධිපති තුමා එක පෑන් පාරින් තෙල්මිල අඩු කරන්නේ නැත්තේ...!

:       4       9

Perera Monday, 02 December 2024 07:12 AM

අපේ දැනගැනීම පිණිස එක මන්ත්‍රී කෙනෙකුට කෝටාව කීයක්ද?

:       1       12

විදුර Monday, 02 December 2024 10:54 AM

සාමාන්‍ය ජනතාවට වාහන ගෙන්නද්දී මෙහෙන් ගහන ටැක්ස් එක නැති කරලා දාන්න. මිනිස්සු රට දාලා යන එක අඩුවෙයි.

:       6       8

Daman Monday, 02 December 2024 12:37 PM

කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?

:       4       11

Duminda Udayakumara Monday, 02 December 2024 01:55 PM

වාහනයක් ගන්න එකත්, තෙල් ගන්න එකත් ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙන්න. සියලු රජයේ ආයතනවල ඇමතිවරු, නිලධාරීන් එළියට ඇවිත් වැඩබිම්, ගොවිබිමිවලට ගිහින් ප්‍රශ්න දැකලා ඉක්මනින් පිළිතුරු හොයන්න ඕනේ. රජය පැත්තෙන් තමන්ගේ වැඩ පිළිවෙල සමාජගත කිරීමේ දී අඩුපාඩු තියෙනවා. ඉක්මනින් හදා නොගත්තොත් ප්‍රශ්න හුඟක් ඇතිවේවි.

:       1       10

don Monday, 02 December 2024 05:28 PM

දැන් එතකොට කවුරුවත් බස් එකේ එන්නේ නැද්ද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site