(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
දේශපාලන කැලඹීම වලින් පිරි වසර 14 ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා පෙන්වා දුන්නේය. 2007 වසරේ ජනවාරි 13 වැනිදා ලැරී උපත ලැබුවේය.
ලැබෙන ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමඟ වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන් බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය. රිෂි සුනාක් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යෑමත් සමග ඔහුගේ සුරතලාවූ ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවාද අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යනු ඇති බවත් ලැරී ඒ පිළිබඳ සතුටට පත්වනු ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇතැයි සියල්ලොගේම බලාපොරොත්තුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැරීට දීර්ඝායුෂ ලැබේවා.
කතා කරන්න පුළුවන් වුණා නම් සෑහෙන රහස් අහගත හැකියි
ලංකාවේ ඉන්න බලලෝභී දූෂිත දේසපාලුවෝ තුරන් වෙලා යන්නේ කොයි වෙලාවෙද කියලා හිතෙනවා .
ඉතින් අපිට පාන්ද?
ලැරී ලංකාවේ හිරිය නම් වසර 17ක් ජීවත් වෙන්නේ නෑ. මිනිසුන් සෙස්පාළුවන් ට කරණ සාපය සුරතුලුන්ටත් වදින්න තිබුන. ලැරී ට දීර් ඝායු වේවා.
උදේට ඇඟ ලේ රත් වෙන සිත කලකිරෙන ලංකාවේ පුවත් රටාව මැද හරිම මෘදු ලෙස සුරතල් සතෙකුගේ තොරතුරු සමග මුසු කල වැදගත් පුවතක්. සිත් ගන්නාසුලු ඉදිරිපත් කිරීමක්.
මේ වගේ ගොන් කමෙන්ට් කරන මෝඩ ගන්කබරයොත් ලංකාවේ තාම ඉන්නව නෙ යකෝ