IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දේශපාලන කැලඹීම වලින් පිරි වසර 14 ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා පෙන්වා දුන්නේය. 2007 වසරේ ජනවාරි 13 වැනිදා ලැරී උපත ලැබුවේය.

ලැබෙන ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමඟ වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන් බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය. රිෂි සුනාක් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යෑමත් සමග ඔහුගේ සුරතලාවූ ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවාද අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යනු ඇති බවත් ලැරී ඒ පිළිබඳ සතුටට පත්වනු ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇතැයි සියල්ලොගේම බලාපොරොත්තුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.



අදහස් (7)

ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි

RISHI SUNAK Thursday, 27 June 2024 01:26 PM

ලැරීට දීර්ඝායුෂ ලැබේවා.

:       4       74

Prabha Thursday, 27 June 2024 03:39 PM

කතා කරන්න පුළුවන් වුණා නම් සෑහෙන රහස් අහගත හැකියි

:       2       45

පිටරැටියා Thursday, 27 June 2024 04:00 PM

ලංකාවේ ඉන්න බලලෝභී දූෂිත දේසපාලුවෝ තුරන් වෙලා යන්නේ කොයි වෙලාවෙද කියලා හිතෙනවා .

:       0       0

සමන් Thursday, 27 June 2024 08:29 PM

ඉතින් අපිට පාන්ද?

:       27       16

Kapila Thursday, 27 June 2024 09:56 PM

ලැරී ලංකාවේ හිරිය නම් වසර 17ක් ජීවත් වෙන්නේ නෑ. මිනිසුන් සෙස්පාළුවන් ට කරණ සාපය සුරතුලුන්ටත් වදින්න තිබුන. ලැරී ට දීර් ඝායු වේවා.

:       0       2

Nimal Friday, 28 June 2024 08:38 AM

උදේට ඇඟ ලේ රත් වෙන සිත කලකිරෙන ලංකාවේ පුවත් රටාව මැද හරිම මෘදු ලෙස සුරතල් සතෙකුගේ තොරතුරු සමග මුසු කල වැදගත් පුවතක්. සිත් ගන්නාසුලු ඉදිරිපත් කිරීමක්.

:       0       4

Amitha Friday, 28 June 2024 08:39 AM

මේ වගේ ගොන් කමෙන්ට් කරන මෝඩ ගන්කබරයොත් ලංකාවේ තාම ඉන්නව නෙ යකෝ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site