(ඩයනා උදයංගනී)
රට තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එබැවින් මෙවර නත්තලේ දී ආටෝපවලට වහල් නොවී දිළිඳුන්ටත් වඩා දිළින්දකු ලෙස බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙනෙහි කරමින් දිළිඳුන් සමඟ නත්තල ගතකරන්නැයි කිතුණු බැතිමතුන් ඇතුළු සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් තමන් ඉල්ලීමක් කරන බව කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
කතෝලික රදගුරු මණ්ඩලේ පණිවුඩය වන්නේ ද එය බව කාදිනල්තුමෝ කීහ.
රට ආර්ථික වශයෙන් දරුණු පීඩාවකට ලක්ව බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් උදා වී ඇති මෙවන් බැරෑරුම් කාල පරිච්ඡේදයක නත්තල යනු බාහිර දේවලින් ජීවිතය පුරවා ගන්නා තවත් අවස්ථාවක් නොවන බවද අගරදගුරුතුමෝ පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ නත්තල් සැමරුම වෙනුවෙන් සිය පණිවුඩය ඇතුළත් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ලෝකය පුරා වෙළඳ ආර්ථිකය ගෙනයන වැඩපිළිවෙල අනුව බොහෝ දෙනෙක් යම් යම් දේ මිලදී ගැනීම්, තෑගි බෝග බෙදාගැනීම් ආදියට නත්තල සීමා කළ ද, ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙනෙහි කිරීම වඩාත් වටින බව කී අගරදගුරුතුමෝ ඉතා අහිංසක, දිළිඳු සාමාන්‍ය පරිසරයක සිදුවූ උන්වහන්සේගේ උපතින් ලබාදුන් පණිවුඩය අනුව ප්‍රේමයේ පාරමිතාව තුළ ජීවත් වෙමින් අපට හැකි අයුරින් අපේ අසල්වාසීන්ට, දිළිඳුන්ට උදව් උපකාර කළ යුතු බව ද කීහ.
නත්තල් මංගල්‍යයේ සැබෑ අරුත කෑම, බීම, ඇඳුම්, පැළඳුම් රතිඤ්ඤා, සැරසිලි ආදිය නොවන බවත්, එහිදී සිහිකරන්නේ ලෝකයට ප්‍රේමයේ සහ පරාර්ථකාමීත්වයේ උතුම් පණිවුඩය කියාදුන් ශ්‍රේෂ්ඨයකුගේ උපත බවත් කී කාදිනල්තුමෝ, මෙදා නත්තල වෙළඳ ආර්ථිකය පෝෂණය කිරීමට නොව අසල්වාසීන් හා දිළිඳුන් සමඟ ඇති දේ බෙදාගන්නා නත්තලක් බවට පත්කරගන්නැයි ඉල්ලීමක් ද කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දිළින්දන් වෙතද එදාට යන්නේ..? උතුරේද? දකුණේද? නැගෙනහිරද? බටහිරද?
කාදිනල්තුමනි, මම දන්නා තරමින් කන්න නැති දිළිඳු කතෝලිකයින් නැහැ. අනික කතෝලිකයින්, අවශ්‍ය පිරිස්වලට, මුදලින් මෙන්ම කෑමබීම වලිනුත් උදව් කරනවා මම දැක තිබෙනවා. පල්ලිවල පියතුමන්ලා දායකයින්ගෙන් මුදල් හුරාගෙන V8 වාහන පදිනවා.. අපි දැකලා නැහැ. ඒ වගේම කතෝලික කන්‍යා සොයුරියන් පරිපාලනය කරන ළමා හා මහලු නිවාසවලින් විශාල සමාජ සේවයක් ඉටු කරනවා. බෞද්ධ කාන්තාවක් වුවත් මෙත් සිතින් ඒ ආයතනවලට උදව් කරන්න මම නම් කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ. කාදිනල්තුමා වැඩිය කරදර වෙන්න ඕනෑ නැහැ. කතෝලිකයින් ඔවුන්ගේ නත්තල සාමයෙන් එකිනෙකාට උපකාර කර ගනිමින් සතුටින් සමරාවි...!
එතකොට දැන් අර මහා මොලකරු හොයන මෙහෙයුමෙන් ඉවත් වෙලා ද? එහෙමත් නැත්නම් මහා මොලකරු හමුවෙලාද? ගෝල් ෆේස් පැත්තේ නොඑන්නේ දැන් සියලු ප්‍රශ්න විසඳිලා නිසාද?
මේ රටට මෙච්චර කෙළ වුනේ බොරු ආටෝපෙට ගිහින් තමයි...!