(ඩයනා උදයංගනී)

ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ ආචාර්ය උපාධි අතර මග නතර කර ඇති බව කී සභාපතිවරයා ඒ වෙනුවෙන් රජය ලක්ෂ ගණනක් වැය කර ඇති බව ද සඳහන් කළේය .

 එවැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම යන අවස්ථාවේදී ඔවුන්ගේ ආචාර්ය උපාධිය සඳහා රජය වෙන් කළ මුදල් සේවක අර්ථ සාධක අරමුදලින් කපා හරින බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ ක‌ළේය .

මෙලෙස ආචාර්‍ය උපාධිය සම්පූර්ණ නොකළ අය ගැන තමාට තොරතුරු ලැබී ඇතැයිද ඔහු කීවේය.