
(ශාන්ත රත්නායක)
2023 නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.
කොළඹ ගංගාරාමය, කැලණිය විහාරය, මහනුවර දළදා මාලිගාව, අනුරාධපුරය. කතරගම කිරිවෙහෙර ආදි පුදබිම් නව වසර උදාවූ වේලාවේ සිට සුදුවතින් පිරි ගියහ.
කොච්චිකඩේ පල්ලිය ඇතුළු සෙසු ආගමික ස්ථානවලට නව වසර ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල පිරිස් පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අපිට මේක නව වසරක් වෙන්නෙ පාලන කටයුතු වෙනුවෙන් පමණයි. එක් මුදල් වර්ෂයක් අවසන් වෙලා නව අයවැය යටතේ මුදල් ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙන්නෙ නව වසරේ සිටයි. ඒක එතරම් වැදගත් කියලා මට නම් හිතාගන්න බැහැ. ගෙවුණු වසරේ කල කටයුතු උඩින් පල්ලෙන් අවසන් කිරීමෙන් නාස්තිය රජවෙන නිසා ,ඒ අතරම කියන්නෙ නිදහස ලබා අවුරුදු 75 ගතවී ඇතත් මෙතෙක් ඉදිරිපත් කල කිසිම අයවැයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා නැහැ කියලා හිතෙනවා. ඒ අතර රටේ ජනතාව කන්න බොන්න නැතුව දරුවන්ට අධ්‍යාපනය දීමට ,පොත්පත් ලබාදීමට නොහැකිව ඉන්නෙ, උසස්යැයි කියන අධ්‍යාපන ආයතන බොහොමයක් ඉතාමත් අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරනවා.දරුවො වසර හයක් හතක් ඒවායේ රස්තියාදු වෙනවා ඉතින් මොන අවුරුදුද.ඒ නැතත් බොදුනු අපිට මේක කිසිම වැදගත් කමක් නැහැ. සමහරක් ආගමික පිරිස් ජනවාරි පළමුවෙනිදා රජයේ කාර්‍යාල දිනක් වුනත් මහජන සේවයේ අතහැර ආගමික කටයුතු කරනවානම් ජනවාරි පළමුවෙනිදාට පසුව පංසිල් පද පහම කඩනවා නම් වසරේ එක් දිනක් පමණක් කරන ආගමික වැඩෙන් ඇති ප්‍රයෝජනයක් තිබේද?