IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආගම විගමන නිලධාරීහු විරෝධයක

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ "අත් වල කළු පටි බැද " වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ සිටින සියලු නිලධාරීහු මෙම විරෝධයට එක්ව සිටිති

දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින උග්‍ර නිලධාරී හිගය , නිසි කළට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම , රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම , රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම නිසා සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම , වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාර දීම යනාදී කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක වුවද එනිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට සහ කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිදු බාධාවක් ඇති වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



අදහස් (3)

ආගම විගමන නිලධාරීහු විරෝධයක

Lalla Friday, 12 April 2024 07:42 PM

වීසා කටයුතු පෞද්ගලික අංශයට දීම බොහෝ රටවල් කරනවා. ඉන්දියාව යුරෝපීය රටවල් ඒ අතර. ඒක කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට උදව්වක්...

:       0       0

Prabha Friday, 12 April 2024 11:15 PM

ඔක්කෝටම කළින් හරියට වැඩකරලා ඉඳපල්ලා. රට ඉන්න අපි තරම් ඔබලාගේ කැරැට්ටුව ගෙදර ඉන්න මිනිස්සුවත් දන්නේ නැතිව ඇති...

:       0       0

de silva Saturday, 13 April 2024 07:04 AM

අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකරුනේ කාලය ගත කරන උපාධිධාරීන්ට පුහුණුවක් දීල මෙම කටයුතු වලට යොදවාගන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site