IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අහසට වෙඩි තැබූ හොරණ හිටපු මන්ත්‍රිට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අහසට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පි. ඩි. අඅබේරත්න මහතා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මත මුදා හරින ලෙස හොරණ  මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

ඊට අමතරව විදේශ ගමන් තහනමක් පනවමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට ද ගිනි අවිය බාරයට ගත් අතර ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

සැකකාර සංවිධායකවරයා හොරණ පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට  පැමිණි අවස්ථාවේ මාස තුනක පමණ කාලයක සිට එම ඉඩමේ නැවතී සිටින අය විසින් මෙම ඉඩමට පිටස්තර පුද්ගලයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බව පොලිසිය අධිකරණයට දැන්විය.

 

 



අදහස් (1)

අහසට වෙඩි තැබූ හොරණ හිටපු මන්ත්‍රිට ඇප

මරිසිපාල Thursday, 15 June 2023 05:51 PM

එහෙනම් තමන්ගේ දේපළ රැකගන්න ගොස් විදෙස් ගමන් තහනම් සමග ගිනිඅවීයත් අහිමි වුණා... ලක්ෂ ගණනක් ඇපත් තියන්න වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site