IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අහුලාගත් රියදුරු බලපත් පොතේ බලපත්‍ර අලෙවි කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ කොටහේන ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බව කියන  පොලිස් තාවකාලික රියදුරු බලපත්‍ර පොතක් නිවසට රැගෙනවිත් එම රියදුරු බලපත්‍ර එකක් රුපියල් 5,000බැගින් වූ මුදලකට අලෙවි කළේ යැයි කියන හිටපු පොලිස් සැරයන්වරයකු  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහක් වයස හිටපු පොලිස් සැරයන්වරයෙකි.

මොහු  2022 වසරේදී විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්  කර සිටින සැරයන්වරයෙක් යැයි පොලිසිය සඳහන් කරයි.

කොටහේන පොලිසියේ රථවාහන අංශයේ රාජකාරී කරන  පොලිස් කොස්තාපල්වරයෙකු තමා සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත අස්තානගත වූ බවට පසුගිය වසරේ ඔක්තෝබර් මස දහවෙනිදා එම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.

හිටපු සැරයන්වරයා අහුලාගෙන පැමිණ ඇත්තේ මෙම තාවකාලික රියදුරු බලපත්‍ර පොත යැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.



අදහස් (0)

අහුලාගත් රියදුරු බලපත් පොතේ බලපත්‍ර අලෙවි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site