
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනට සියයට 86 කි.
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානය දිනාගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 41ක් සහ 40 ක් වේ.
ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.
එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 208 ක් සහ 158 ක් වේ.
COMMENTS
එහෙම නොවෙන්න කිසිම හේතුවක් නැත. කම්මැලිකම මූලික හේතුව ... නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වන්නට තිබුණු හැකියාව 1978 ආරම්භ වුණ විවෘත ආර්ථිකයෙන් කඩා බිඳ දැමුණු රටක ජනතාව කුම්මැහියන් වීම අනිවාර්යයෙන්ම සිදුවන්නක්...
අහේනිය කොතරම් ද යත්... එයට පිළිතුරු සොයන්නේත් රට ක්‍රම ක්‍රමයෙන් අහේනියට පත්කළ වූවන් ගෙන්මයි. ඔවුන්ට ඉහෙන් බහින කිසිඳු අහේනියක් නැත...
අපි පක්ෂ සම්මේලන පවත්වමු. පක්ෂ ප්‍රතිසංවිධානය කරමු. බිම් මට්ටමේ සමාජිකයින් වැඩිකර ගමු.. කොටින්ම කියනවා නම් අපි දේශපාලනයම කරමු.
කවදාවත් අහාර අහේනියක් තිබ්බේ නැති අපේ රට දැන් ලෝකෙන්ම 6 වෙනි තැනට ඇවිල්ලා..., මේක තමයි සාටක බයියන්ගේ රට බේරාගැනීමේ වියරුවේ ප්‍රතිඵලය.., හොරු බේරගන්න ආපු රනිල් හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන්ට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ, රටේ තියන එකම ප්‍රශ්නේ මිනිස්සු අරගල කරන එක විතරයි කියලා...
අර මන්ද පෝෂණය ගැන කතාකරපු දොස්තර මහත්තයාගේ වැඩ තහනම් කර ලෝක බැංකුව කියන ඒවත් පිළිගන්න එකක් නැහැ... ලංකාවේ විද්වතෙක් කිව්වා නම් වැඩ තහනම් කරාවි.. පුදුම අසත්පුරුෂ පාලකයින් පිරිසක් ඉන්න රටක්... යථාර්තය තේරුම් නොගෙන ඔක්කොම වහගෙන ඇදලා අන්තිමට මිනිස්සු බඩගින්නේ මැරෙනකන් බයිලා ගහයි.
ඕක කරගන්න කාපු කිරිබත් තොගේ...
බැසිල් ජනාධිපති, නාමල් අගමැති කර අපි මෙම දර්ශනයේ පළමු තැන ලබාගනිමු....
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඕක ඊළඟ අවුරුදු 2න් ලංකාව පළමු තැනට ගෙනැල්ලා දෙයි... බයියන්ට හෙණ ගහන්න ඕනෑ තවත් මේ අයට කඩේ යනවාට...
රාජපක්ෂලා හොදටම කලා, රටම කාලකන්නී වුනා. නුගත් පාදඩයෝ හැතිකරයක් මුන්ව ආයෙත් නැගිට්ටවන්න දගලනවා. තූ..
සමස්ත කෘෂිකාර්මික කර්මාන්තය කාබනික බවට පත් කළ නොහැක. යෝජනා කරපු අයයි ඒ දර්ශනය ගෙන ගිය අයයි හිරේ යවන්න ඕන.
බයියෝ ටොයියෝ එකතුවෙලා හොරාකාපු දේවල් වල ප්‍රතිපලය තමයි මේ.
ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍යවල ඉහළ උද්ධමනය පිළිබඳ ප්‍රකාශයක් කළ ළෝක බැන්කු නිලධාරීන්ගේ රාජකාරිය අපේ රටේ බලධාරීන් විසින් අත්හිටුවයිද දන්නෙ නෑ?
බංගලාදේශයෙනුත් හිගාකන අපිට මොන අහේනියක්ද ? අපි ගමන් බිමන් යන්නෙ සිලින්ඩර් 12හේ බෙන්ස් වලින් , අපිට මොන අහේයද ?
මේ රිපෝට් ඒකට අරගෙන තියෙන්නේ ජූනි, ජූලි මාස වල උද්ධමනය. දැන් ඊට වඩා අඩුයි.
මොනා උනත් අපිට ඉහලින් සිටින රටවල ජනතාවට ලංකාවේ අයට වගේ හිඟන පෙනුමක් නැහැ. වැඩිය ඕනා නැහැ, දුප්පත් තුර්කි ජාතිකයෙක් උනත් වැදගත් පෙනුමක් තියනවා. ඒකටත් එක්ක, සිංහලයින් සල්ලි ටිකක් අතපත ගෑවත් ගෝත්‍රික හිඟන්නෙක් වගේ තමයි ලෝකයාට පෙනෙන්නේ. ඒ කාලේ නම් පිරිමි ලස්සනට රැවුල කොන්ඩේ කපලා ලස්සනට හිටියා එත්, දැන් ඔවුන් "රාවණා යුගයට අයත් වැද්දෝ" වගෙයි. අන්න ඒ හීන මානයට තමයි නිතරම පුම්බගෙන ඉන්නේ.