(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇතැයි පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත.
මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප බවට දැක්වෙන නාම පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරගෙන යන බව ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු මාලු ටිකක් අල්ලා ගැනීමට අවසර දිය යුතුයි. නැත්නම් ඒ අයට මාලු දෙන්න. බඩගින්නේ ඉන්න අයට අධි ආරක්ෂක කලාප නැහැ...
දියවන්නාවේ ඉන්න අය අල්ලගෙන කෑවාට අපේ විරුද්ධත්වයක් නැත...!
දියවන්නාවේ ඉන්නේ අපේ රීරී මාංසේ උරාගෙන කන කිඹුල්ලු...!