
(දීපාල් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)
බලපිටිය , අහුන්ගල්ල, බෝගහපිටිය පාලම අසලදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට හා රියදුරුට වෙඩි තැබිමෙන් පිටුපස ගමන් කල පුද්ගලයා රොහල් ගත කිරි මෙන් පසු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පැවසිය.
ත්‍රිරෝද රථරියදුරු තුවාල ලබා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිය කියයි.
මියගොස් ඇත්තෙ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත් (29) නැමති විවාහක පුද්ගලයකුය.
ඔහු (චතුරංග ජයලත්) කුලි ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදි වෙඩක්කරුවන් බෝගහපිටිය පාලම අසල සැගව සිට වෙඩිතබා පලාගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ත්‍රිරෝද රථ රියදුරුටද වෙඩි වැදි ඇති අතර ඔහු දිවගොස් දිවි බේරාගෙන ඇතිබවද පොලිසිය කීවේය.
බරපතල තුවාල ලබා සිටි ජයලත් සහා රියදුරා ප්‍රදෙශවාසින් එම රථයෙන්ම අහුන්ගල්ල පොලිසියට රැගෙන විත් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව චතුරංග ජයලත් නැමැත්තා රාත්‍රි 11.20ට පමන මියගොස් තිබේ.
වැඩිදුර විමර්ශන අහුන්ගල්ල පොලිසිය සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd