
(ජේ.ඉඳුරුවගේ )
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදි සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
ලැබුණු තොරතුරක් අනුව මෙම යතුරු පැදිය සොයා ගන්නා විට හඳුනා ගත නොහැකි සේ ගිනි තබා තිබූ බව කොස්ගොඩ පොලිසිය පැවසීය.
ඉකුත් 8 දා රාත්‍රි 8 ට පමණ අහුන්ගල්ල බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කුඩා ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර පැමිණි යතුරු පැදියෙන්ම පළාගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd