
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පලවිය.
මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට නියෝග කළේය. අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම විධිමත් ආකාරයට සිදු නොවන බවද එම කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන නියම සුදුස්සන් තෝරා ගන්නැයි ද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවෙස් වල පරිභෝජනය කරන විදුලි ඒකක ප්‍රමාණය මත සැකසෙන විදුලි බිල්පත දරිද්‍රතාව හඳුනා ගැනීමට යොදාගත හැකි බව එම කාරක සභාව පවසයි.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දැනට භාවිතා කරන ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 28 වැනි දා රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ අස්වැස්ම අසාර්ථකයි, ඉස්සරත් සමුර්දිය ගත්තේ සල්ලි තියෙන මුදලාලි, නැත්තං බිස්නස්කාරයෝ ඇත්ත දුප්පත් අයට මුකුත් නෑ. මම කියන්නේ ආබාධිත (කිසිම වැඩක් කරන්න බැරි), වයස අවුරුදු 70ට වැඩි අයට මාසෙකට 20,000ක් දුන්නත් කමක් නෑ අතපය තියෙන, කිසි ආබාධිත කමක් නැති අයට නම් දෙන්න ඕනේ නෑ රජයේ මැදිහත්වෙලා රැකියාවක් හොයලා දෙන්න ඕනේ. නැත්තං ඔය සල්ලි වලින් ඉස්කෝල හැදුවත් පාඩු නෑ අනාගතයට වටිනවා.