IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අසල්වැසියාට මුල් තැන දෙනවා

(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)

අසල්වැසියාට පළමු තැන යන ප්‍රතිපත්තියෙහි සිටිමින් ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ රාශ්ට්‍රපති භවන්හිදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් රාශ්ට්‍රපති භවන්හිදී  පැවැත්වුණු අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී මෙම ප්‍රකාශය කළේය.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී මෝදි අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සහ සුළං බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දීය සහයෝගය ලබාදෙන බවද මෙහිදී මෝදි  අගමැතිවරයා සඳහන් කළේය.



අදහස් (13)

අසල්වැසියාට මුල් තැන දෙනවා

Asintha Monday, 10 June 2024 02:07 PM

මේ වගේ නිවටයන්ට නායකයෝ ඉන්නකල් කවදාවත් අපේ රටේ හදන්න බෑ... උන් නිසා අපේ ආණ්ඩුවට වත් තමන්ගේ කියන රටක් නැතිවේවි

:       21       22

NAMAL Monday, 10 June 2024 02:15 PM

ඡන්දයෙන් පැරදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් අයිඑම්එෆ් ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ .

:       24       31

Nilantha GamageMonday, 10 June 2024 03:54 PM

සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල කවුරු නිසාද නාමල්?

:       0       1

Bandara Monday, 10 June 2024 02:16 PM

සතුටුයි චීනය පස්සෙන් නොවන එකට.

:       14       20

Ashoka Monday, 10 June 2024 02:20 PM

එක තමයි ලංකාවේ තිබෙන ලාභ ලැබිය හැකි රාජ්‍ය ව්‍යාපාර ටික ඔක්කොම මෙහෙ ඉන්න තක්කඩි දේසපාලුවෝ ටික අල්ලාගෙන අල්ලගන්න හදන්නේ , මලදිවයිනටත් ඕක ඇතිවෙලා තමයි ඉන්දියාවෙන් ඇත් වෙන්න හදන්නේ

:       10       20

පිටරටවැසියා Monday, 10 June 2024 02:33 PM

ඒ කියන්නෙ ඔක්කොම ඉන්දියාවටම විකුණනවා කියන එක නේද? බලාගෙනයි, චීනයි, ඇමෙරිකාවයි තරහ වේවි ...

:       12       17

පුරවැසියා Monday, 10 June 2024 03:16 PM

ශ්‍රිලංකාව ඉන්දියාවේ කොටසකි

:       0       1

Ruwan De Silva Monday, 10 June 2024 03:21 PM

මොදි එක්ක රනිල්-මහින්ද අහසට පොළව වගේ ඇමරිකාවට වුනත් එකට එක කියන්න බය නෑ. අපේ හාමු රතිඤ්ඤා සද්දෙටත් ගැසට් ගහනවා. රටකට ඉන්න ඕනේ එඩිතර, අවංක නායකයෙක්. මන්මෝහන් සිං ගේ ආණ්ඩුව කරපු ව්‍යාපෘති ඒ විදියටම කරා මොදි, මොනවා වුනත් මොදි රටට ආදරයෙයි, ජාතිවාදී වුනාට.

:       0       0

Hafeel Monday, 10 June 2024 03:55 PM

අසල්වැසියාට පළමු තැන කියල කියමින් දැනටමත් ලංකාව ආක්‍රමණය කරලා අවසන්. එකට සමානව එදා බැලූන් ඇමති හරිනුත් කියා තිබුණා ලංකාව ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් කියලා. මේ වගේ කොන්ද පන නැති පාලකයෝ ඉන්න කල්, ඉන්දියාවට හොඳයි.

:       1       0

Prabha Monday, 10 June 2024 05:58 PM

ඉන්දියාව කවදාද අපිට උදව් කලේ

:       1       0

Sajive Monday, 10 June 2024 06:26 PM

රැල්ලට කමෙන්ට් කරන එවුන්නෙ ඉන්නේ.. විදේශ ප්‍රතිපත්තියක් රටකට ඕනි කියන එක තේරෙන්නේ නැද්ද? ඉන්දියාවෙන් හුදකලාව අපිට පැවත්මක් හදා ගන්න බෑ.. ඉන්දියාව නැමති මහා ආර්ථිකයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්.. තායිවානය චීනෙන් ප්‍රයෝජන ගන්නවා වගේ.. රටක් වහගෙන හැම රෙද්දක්ම මේකෙ වවන් කන්න බෑ.. ටිකක් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තනම් හොඳයි..

:       2       3

Lalith Monday, 10 June 2024 07:29 PM

මේකට රිංගන්න එන්නේ ඔය ඕන තරම් අසල්වැසියෝ ඉන්නේ?

:       0       2

Perera Tuesday, 11 June 2024 10:43 AM

හරීන් කිව්වේ ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site