(යොහාන් භාසුර)
රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් ධාවනය කළ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර නිල වශයෙන් නිවේදනය කළ ද එම දුම්රිය වැඩි සංඛ්‍යාවක දුම්රිය ද අවලංගු කර ඇති බවත් ප්‍රධාන මාර්ගයේ අද පෙරවරුවේ ධාවනය කිරීමට තිබූ අවලංගු කර ඇති බවත් එම නිලධාරියා කීය.
දුම්රිය රැසක් හිටිහැටියේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ප්‍රධාන මාර්ගයේ ගම්පහ සිට කොළඹ කොටුව දක්වා පැමිණීමට සිටින මගීන් පැය දෙකක පමණ කාලයක් මේ වන විට දුම්රිය ස්ථානවල රැඳී සිටින බවත් වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.