
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනනේය.
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ඉකුත් මාර්තු 09 වැනිදා කෙළඹ දී පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කළ බව ද නීතිපති අධිකරණයට දැනුම් දුන්නේය.
තමා රැදවුම් නියෝග යටතේ තබා ගැනීමට එරෙහිව අසාත් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා පුළුවන් ඉහළම චෝදනාව දාලා ඉහළම දඬුවම දෙන්න අපෙන් කිසිම බාධාවක් නැහැ.