(සුජිත් හේවාජුලිගේ)

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සඳුදා සහ ඊයේ (14) දෙදින පමණක් නිවාඩු හිමිවිය

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.