(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙම සිද්ධියේ වෙඩික්කරුවන්ට තොරතුරු ලබා දීම, වෙඩිකරුවන් ට ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීම, සහ ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර මාධ්‍යවිදියකු ද සිටින බව විශේෂ කාර්ය බළකාය පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයක සහභාගී වී ඉකුත් 21 දින රාත්‍රියේ නිවසක් බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.
මෙම ඝාතන සිද්ධිය දැනට ඩුබායි රටේ සැඟව සිටින මන්නා රමේෂ් නැමැත්තා මෙහෙයවා ඇති බවට ලද තොරතුරකට අනුව ඔහුගේ දුරකතන ඇමැතුම් විශ්ලේෂණය කිරීමෙන් හෙළි වු තොරතුරු විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ විශේෂ බුද්ධි කණඩායමක් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවිස්සාවේල්ල ඝාතනයට 4ක් අල්ලයි