
(යොහාන් භාසුර)
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
එම ක්‍රීඩකයා තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවට ලැදි අපගේ බාල පරපුර කෙසේ විනීතව හැසිරේද යන්න ගැටලුවකි. එබැවින් "ඒ නිසා මෙවැනි අය ඉවත් කළ යුතුයි
කැලේ මාරු උනාට නරිය හූ කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ.
ක්‍රීඩා ඇමැති කමට බැසිල් මහත්තයාව පත්කරමු..
පුරුද්දට යන්න ඇති. ඔය ක්‍රිකට් වලින් අපිට වැඩක් නැත. ඔය ක්‍රීඩකයින් ඔක්කෝම ගෙනැල්ලා හේනක් කොටන්න දමන්න. එ්ත් හේන් කොටන්නත් පණ තියෙන්න එපැයි.
උපරිම මාස 06ක් තියෙයි. ඊට පස්සේ මේ අයින් කළ කට්ටිය කණ්ඩායමේ නියකයින් වෙලා එයි.
හරක් බානක් බැඳලා දීලා කුඹුරක් හාණ්ඩ දාන්න ඕන මේ වගේ මිනිස්සුන්ව.... මම නම් කියන්නේ අළුතින්ම ආයෙත් ක්‍රිකට් පටන් ගන්න කියලා රට ගැන ආදරයක් තියෙන දක්ෂ අලුත් කණ්ඩායමක් හදලා.. ආනා පුංචිහේවා වැනි හොඳ මහත්වරු ක්‍රිකට් පරිපාලනයට පත් කරලා... එහෙම නැත්නම් ක්‍රිකට් විතරක් නෙමේ.. ක්‍රිකට් හින්දා රටත් ඉවරයි...
විනය බල්ලට දමා නැවත නැවත මොවුන්ව කණ්ඩායමට තෝරගත්ත හා බීමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට ජීවිතයක් අහිමි කළ ක්‍රීඩකයාව උපනායක කළ පුහුණුකරුවෙක් හා තේරුම් කමිටුවක් සිටින රටක මොන විනය පරීක්ෂණද සභාපතිතුමනි..?. අනිවාර්ය උපදේශනයට යොමු කරලා ඊළඟ මැච් එකටත් දාන්න...
සැමට දැඩි දඬුවම් කරන්න.. එතකොට අනිත් අය හරි හැදේවි...!!! බින්දුවා කිසිම වැඩකට නෑ. අනෙක් අයගේ දක්ෂතා තිබුණද, විනයක් නැත්තම් වැඩක් නෑ...
මේවා හදන්න හරි ලේසියි. ගෙදරට ගලක් දෙකක් වැදුණා නම් හරි යයි..
රට මාරු වුණාට පුරුද්ද ඇත හරින්න බැහැනේ...
මේ අය කෙරෙහි අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ.. සැතපුම් සිය ගණනක් ගෙවා ලංකාවේ කොඩිය පෙන්නන්නත් ගියා.
පව් දෙයියනේ... අපේ කොල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හොඳට සල්ලි ගෙවන්නේ නැති නිසා මේ අහිංසකයින්ට එංගලන්තයේ වීදි ගාණේ අයාලේ යන්න වෙලානේ සල්ලි හොයන්න. රට වෙනුවෙන් කරන කැපකිරීම...
අපිට අපේ රට ගැන හරිම කණගාටුයි..!!!