(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ  බැලීමට  අවසර නුදුන් නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇතැයි වත්තේගම පොලිසිය පවසයි.

පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ මූලික ප්‍රතිකාර ලබාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට රාත්‍රී 10.00 පමණ පැමිණි  තිදෙනකු නේවාසික ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට යෑමට ඉඩ දෙන ලෙස රාත්‍රී රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.

අවේලාවේ රෝගීන් බැලීමට යෑමට ඉඩ දිය නොහැකි බව වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම එම සැකකරුවන් සහ වෛද්‍යවරයා අතර බහින් බස් වීමක් ඇති  පහර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.