
(ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තෙකි.
සැකකරු විසින් සිදුකළ ඇති බව කියන බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන පරිදි දේශනා සම්බන්ධව, මුදල් විශුද්ධිකරණ පනත සහ මහජන සාමය කඩවීම යන කරුණු සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහුගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට රහස් පොලිසියට ඉකුත් (12) අවසර ලබාදී තිබුණි.
අවලෝකේතීහ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වාගනිමින් කැලණිය විහාරස්ථානයට පසුගිය (1) වැනිදා පැමිණි මෙම සැකකරු පැහැදිලිවම රංගන ශිල්පියකු බවත් අවුරුදු 10 ක් ඊජිප්තුවේ වාසය කරන අතරතුර බුදු දහමේ ඇති සූත්‍ර විකෘති කරමින් දේශනා දෙසීයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍යයන්ට හා යු-ටියුබ් නාළිකාවලට මුදාහැර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
ජාත්‍යන්තර සිවිල් හා දේශපාලනය පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරියේදී මෙම පුද්ගලයා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මල බුදු දහමේ පැවැත්ම විනාශ කිරීමට බොහෝ උත්සාහයන් තියෙනවා.මහා බෝධිසත්ව සංකල්පය බෞද්ධ අපගේ ආත්මය හා හදවත බඳු දේවල්.ඒ උතුම් වචනය අවභාවිතය කිරීම සුදුසු නොවේ.එවන් විට මහා බෝධිසත්ව චරිතය කිලිටි වෙනවා.මිනිසුන් තුළ ඒ උතුම් වචනය පිළිකුලට භාජනය වෙනවා.මේ දූෂිත තක්කඩින් පිටුපස තිරෙන් එහා සිටින බෞද්ධ විරෝධීන් ගේ කුමන්ත්‍රණ තියෙනවා. ඒකයි මේ තක්කඩින්ට මෙතරම් හයියක් එන්නේ.මේ දුෂිතයට කරුණු කාරණා නොදැන හෝ මුදලට ගැතිවී මහා බෝසතාණන් වහන්සේ යැයි කෙලින්ම අමතමින් එම වීඩියෝ වලට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන් ඇතැම් යූටියුබ් කාරයින්ටද එරෙහිව කිසියම් පියවරක් ගත යුතුය.අදාල රහස් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය හා ස්තූතිය .. !!!
බලයට, මුදලට නීතියත් යටයි කියන එකට හොඳ උදාහරණයක්. රහත් වෙච්ච එක්කෙනා ආතල් එකේ ඉන්නවා, බුදු වෙච්ච එක්කෙනාව අත් අඩංගුවට ගන්නවා!
මෙවැනි NGO කාරයින්ය දඬුවම් කරන්න තරම් රටේ ශක්තිමත් නීතියක් නැතිව ඇති. නමුත් සාමාන්‍ය ජනතාව බුද්ධිමත් විය යුතුයි . නිර්මල බුදු දහම දේශනා කරන මහා සංඝරත්නය හැර මෙවැනි කෙලෙස් කඳු එක්ක ගණුදෙනු නොකර ඉන්න
අනේ මන්දා ඇයි මිනිස්සු මෙහෙම මෝඩ
චීවර දරාගෙන සිටින රහත් වෙච්ච අය, සමලිංගික වැඩ කරලා මාට්ටු උන අය, කාන්තාවන් දෙන්නෙක් එක්ක ඉඳලා අහු උන අයත් කරන්නේ බුදු දහමට අපහාස තමයි.
රහත් කියන වචනය අවභාවිතා කරන අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද ?
ආගම් වලට නිගරු කරන්නන්ට තරාතිරම නොබලා, භික්ෂූන් ද , ගිහියන් ද යන්නෙන් නොබලා ජීවීතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි. නොඑසේනම් මෙය තවත් වර්ධනය වෙනවා නියතයි.
මෙහෙම එක එකා අල්ලලා උසාවි දාල ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. මහා නායක හිමිපානන් සියලු දෙනා මීට වඩා ක්‍රියාශීලී වියයුතුයි. බුදුදහම විකෘති කරණ ගිහියන් සහ ඇතැම් හාමුදුරු වරු සියලු දෙන්නට නිසි දඬුවම් දියයුතුයි. නිකාය තුනේ නායක හාන]මුදුරුවන් ට පුලුව එවැනි හාමුදුරුවරුන් ගේ භික්ෂුත්වය අවසන් කරන්න. එහෙම නොකර මේක විසඳෙන්නේ නෑ.
දැන් අර රා බොන ඩබල අත්අඩංගුවට ගන්නේ කවද්ද ?ඒකෙනුත් එකෙක් රහත් වෙලාලු
මම දන්න සමන්ත කියලා කෙනෙකුත් ඉන්නවා විකෘති බණ කියන. හොඳ වැඩේ හෙට අනිද්දම අත් අඩංගුවට ගනියි. දැන් ලේසි වෙන්නෙ නෑ
මෙලොවින් බේරුණත් අපායෙන් නම් බේරෙන්න බැරිවෙයි. යම පල්ලෝ බලාගෙන ඉන්නේ මිනිහා එනකන්.