(සුජිත් හේවාජුලිගේ )
වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය
වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර වාර්තා වූයේ 450ක පමණ සංඛ්‍යාවක් බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.
ලෙඩ රෝග වලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවලින් අජිනමොටෝ දාපු කෑම, කෙටි ආහාර, කොත්තු, බත්, වෑංජන ඔක්කෝටම දානවා.. ඒවා අරං දීලා දරුවෝ මරනවා...!
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් කියන්න පුළුවන්... මම දවසක් කොළඹ සිට බසයක හිටගෙන එනවිට සෑම අසුනකම සිටි සියලු දෙනාම ජංගම දුරකථන මගින් විවිධ කටයුතු කළ කෙනෙක්... ඒක දෙසවනටත් සම්බන්ධ කරගෙන හිටියා. ඉතින් ඒ හේතුව නිසා හිටගෙන හිටපු මමත් ඉතාමත් අපහසුතාවට පත්වුනේ ඇස්වලට විවිධ පැතිවලින් ලැබෙන ආලෝකය නිසා තමයි.. ඒ වෙලේ මම දුරකථනය පාවිච්චියට නොගෙන එහෙම අපහසුතාවට පත්වුණා නම් යම්දිනක බොහෝමයක් දෙනා ඇස්, කන් ආශ්‍රිතව අසනීපවලටත් ලක්වෙලා ආබාධිත පිරිසක් රටේ ඇතිවේද කියලා මට දුකකුත් ඇතිවුණා..!
රෝග ඇති වෙන්නේ කර්මය නිසා...!